වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ තරගයකදී සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පරදවා කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට මොබිටෙල් ‘ඒ’ කණ්ඩායම ඊයේ (14 වැනිදා) සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පන්දුවෙන් දස්කම් දැක්වූ දර්ශන සමරකෝන් ලකුණු 24 කට කඩුලු 4 ක් සහ කොෂාන් ජයවික්‍රම ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගනිමින් සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ - ඕවර 32.2 කදී සියලුදෙනා දැවී ලකුණු 95
(දර්ශන සමරකෝන් 24/4, කොෂාන් ජයවික්‍රම 16/3, රංගන රාජපක්‍ෂ 18/2)
මොබිටෙල් ‘ඒ’ - ඕවර 13.2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 96
(ලුක්ෂාන් ජයසිංහ නොදැවී 45, ගේෂාන් විමලධර්ම 35)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.