Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආබාධයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරන පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් වෙනුවට තවත් පිට දඟ පන්දු යවන්නකු වන නයීම් හසන් බංග්ලංදේශ සංචිතයට කැඳවීමට බංග්ලාදේශ තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
මේ දක්වා ටෙස්ට් තරග 7 කදී කඩුලු 25 ක් දවාගෙන ඇති 21 හැවිරිදි නයීම්, අවසන් වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවය.
බංග්ලාදේශයේ ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයකු ලෙස කටයුතු කරන මෙහෙදි හසන්ට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙනි.
මෙහෙදිගේ අබාධය පූර්ණ වශයෙන් සුව වීම සඳහා අවම වශයෙන් සති 3 ක පමණ කාලයක් ගතවනු ඇතැයිද, ඒ හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය සඳහාද ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවද බංග්ලාදේශ කණ්ඩායමේ භෞතචිකිත්සක දෙබාශිස් චෞද්‍රි මහතා පැවසීය.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පළමු ටෙස්ට් තරගය මැයි මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා චිතගොන්හිදීද, දෙවැනි තරගය මැසි මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා ඩකාහිදීද පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.