(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය සහ මුවර්ස් ක්‍රීඩා සමාජය අතර කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩකයෝ සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹා ගිය මුවර්ස් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර ගියේය. නායක රමේෂ් මෙන්ඩිස් හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 25 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 229 ක් ලබාගත් අතර ජෙෆ්රි වැන්ඩසේ හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමග ලකුනු 63 ක් රැස්කළේය. එහිදී මුවර්ස් කණ්ඩායම වෙනුවෙන් චානුක දිල්ෂාන් ලකුණු 67 කට කඩුලු 4 ක් බිඳහෙළීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුවර්ස් කණ්ඩායම ලකුණු 322 රැස්කිරීමට සමත් වූ අතර එහිදී නායක රමේෂ් මෙන්ඩිස් (96) සහ මිලාන් රත්නායක (75) අර්ධ ශතක ලබාගත්හ. ශතකය පෙනි පෙනී දැවී ගිය රමේෂ්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 5 කින්ද, මිලාන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 6 කින්ද සමන්විත විය.
ලකුණු 93 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවමින් මුවරස් කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කළේය. බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිමේදී රොන් චන්ද්‍රගුප්ත හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 71 ක්ද, ජනිත් ලියනගේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 83 ක්ද රැස්කළහ.
බ්ලූම්ෆීල්ඩ් පළමු ඉනිම - සියලු දෙනා දැවී 229
(අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩසේ 63, චානුක දිල්ෂාන් 67/4, ඉම්තියාස් සල්සා 42/2)
මුවර්ස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 322
(සොහාන් ද ලිවේරා 43, ෂෙහාන් ප්‍රනාන්දු 32, රමේෂ් මෙන්ඩිස් 96, මිලාන් රත්නායක 75, ජනිත් ලියනගේ 44/4, දුවිඳු තිලකරත්න 69/3)
බ්ලූම්ෆීල්ඩ් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 239
(කසුන් අබේරත්න 21, රොන් චන්ද්‍රගුප්ත 71, ජනිත් ලියනගේ නොදැවී 83, රමේෂ් මෙන්ඩිස් 85/4, ඉම්තියාස් සල්සා 33/2)
මුවර්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 152
(ජනිෂ්ක පෙරේරා 20, සධීර සමරවික්‍රම 34, සොහාන් ද ලිවේරා 26, රමේෂ් මෙන්ඩිස් නොදැවී 25, රවිඳු ප්‍රනාන්දු 72/3, දුවිඳු තිලකරත්න 35/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.