Last Update  :  2025-07-14 11:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලබති
අන්තර් සමාජ ක්‍රිකට්

මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලබති

editorial - 2025 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් සමාජ සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (13 වැනිදා) මුවර්ස් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී නුගේගොඩ ක්‍රීඩා සමාජයට එරෙහිව කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කිරීමට මුවර්ස් ක්‍රීඩා සමාජය සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 133 ක ඉලක්කයක් හඹාගිය මුවර්ස් ක්‍රීඩකයෝ ඕවර 26 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. අගනා පිතිහරඹයක නිරත වූ සදීර සමරවික්‍රම පන්දු 55 කදී හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 41 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. නායක රමේෂ් මෙන්ඩිස් පන්දු 37 කින් ලකුණු 37 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගිනි. 

පළමුවෙන් පන්දුවට පහරදුන් නුගේගොඩ කණ්ඩායමට හිවින් කෙනුල ප්‍රමුඛ මුවර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 33.4 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135 ක් පමණි. එහිදී හිවින් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගත් අතර නුගේගොඩ පිතිකරුවන් අසරණ කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රමේෂ් මෙන්ඩිස්, ප්‍රවීන් ජයවික්‍රම සහ මිලාන් රත්නායක කඩුලු 2 බැගින් බිඳහෙළුෑහ. 


නුගේගොඩ පිල - ඕවර 33.4 කදී සියලු දෙනා දැවී 132 
(කෙවින් පෙරේරා 20, පැතුම් කුමාර 59, හිවින් කෙනුල 29/3, රමේෂ් මෙන්ඩිස් 18/2, ප්‍රවීන් ජයවික්‍රම 26/2, මිලාන් රත්නායක 29/2) 

මුවර්ස් පිල - ඕවර 26 කදී කඩුලු 4 ක් දැවී 135 
(සිතාර ගිම්හාන් 28, සදීර සමරවික්‍රම 41, රමේෂ් මෙන්ඩිස් 37, රාහුල් ගුණසේකර 04/2) 


අදහස් (0)

මුවර්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.