Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මිකී ආතර් යන්න හදයි

මිකී ආතර් යන්න හදයි

editorial - 2021 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් පුුහුණුකරු මිකී ආතර් මහතා සිය වසර දෙකක සේවා කාලය අවසන් වීමෙන් පසුව එංගලන්තයේ ඩාබිෂයර් ප‍්‍රාන්තය සමග එක්වීමට සූදානම් වෙයි. වසර 2019 දී ශී‍්‍ර ලංකාවේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගත් මිකී ආතර් මහතාගේ සේවා කාලය ලබන මාසයේදී අවසන් වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියකු කියා සිටියේ මිකී ආතර් මහතාගේ සේවය තවදුරටත් දීර්ඝ කරනවාද නැද්ද යන්න තවමත් තීරණයක් ගෙන නැති බවත් ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ශී‍්‍ර ලංකාවේ දැනට සේවය කරන සියලූම විදේශීය පුහුණුකරුවන් සම්බන්ධයෙන් තක්සේරුවක් කරන බවත්ය.

”අපි තවම තීරණයක් අරගෙන නෑ. ඒත් තක්සේරු වාර්තාව ආවට පස්සේ ඒක කි‍්‍රකට් කමිටුවටත්, පසුව විධායක කමිටුවටත් දාලා, අවශ්‍ය පියවර ගන්න බලාපොරොත්තු වෙනවා” යයිද හෙතෙම පැවසීය.

ඩාර්බිෂයර් ප‍්‍රාන්තයේ වත්මන් පුහුණුකරුවා වන ඬේවිඞ් හවුටන් මහතාගේ සේවා කාලය ඉකුත් වීමෙන් පසුව ඩාර්බිෂයර් ප‍්‍රාන්තයේ පළමු තෝරා ගැනීම වී ඇත්තේ මිකී ආතර් මහතාය. ශී‍්‍ර ලංකාවට පැමිණීමට පෙර මිකී ආතර් මහතා පාකිස්තානු කණ්ඩායමේ මෙන්ම දකුණු අපි‍්‍රකානු කණ්ඩායමේත් පුහුණුකරුවා වශයෙන් කටයුතු කර තිබිණ.

ශී‍්‍ර ලංකාවේ සේවය අවසන් කිරීම සම්බන්ධයෙන් ආතර් මහතා තවමත් ස්ථිර තීරණයක් ගෙන නැතත්, තමන්ගේ කාලය දීර්ඝ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට පවරා තිබේ.

”කොහොම වුණත් අවසන් තීරණය තියෙන්නේ මිකී අතේ. එයාට යන්න  ඕනේ කිව්වොත් අපට තියාගන්න බෑ. එහෙම වුණොත් අපිට දැන්වීම් පළකරලා වෙනත් පුහුණුකරුවෙක් හොයාගන්න වෙනවා” යයිද ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නිලධාරියා පැවසීය.

විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට පොරතුව ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වසරේදී සහභාගි වූ විස්සයි-20 තරග 12 කින් ජයගත්තේ තරග 3 ක් පමණි. තරග 9 ක්ම පරාජය විය. කණ්ඩායමේ ප‍්‍රබලතම කී‍්‍රඩකයන්ගේ නොමනා හැසිරීම් හේතුවෙන් තිදෙනකු තරග තහනමට ලක්වීමත්, කණ්ඩායම මාස 4 ක් ඇතුළත නායකයන් තිදෙනකු අතට පත්වීමත් නිසා පුහුණුකරුවා බලවත් ප‍්‍රශ්න රැුසකට මුහුණ දුන්නේය.

කෙසේ වෙතත් විස්සයි-20 ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගාවලියේදී මහේල ජයවර්ධන ශී‍්‍ර ලංකා කණ්ඩායමේ උපදේශකවරයකු වීමත් සමගින් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කිසිවකු අපේක්‍ෂා නොකළ දස්කම් දක්වමින් ලෝකය පුරා කතාබහට ලක්වූ කණ්ඩායමක් විය. ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්වට වටයට සුදුසුකම් ලබා නොගත්තද, වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායම අන්තර්ජාතික කි‍්‍රකට් පිටියේ දිගු ගමනක් යා හැකි කණ්ඩායමක් ලෙසින් සැලකේ.

 


අදහස් (0)

මිකී ආතර් යන්න හදයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.