Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා නුවර සිට...)
අබාධයකට ලක්ව සිටින වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඔබේ මැකෝයි වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතයට කැඳවීම සඳහා තරගාවලියේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ. ජේසන් හෝල්ඩර් යනු කොදෙව් පිලේ හිටපු නායකයාය.
ක්‍රිස් ටෙට්ලි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ තාක්ෂණික කමිටුව ක්ලයිව් හිච්කොක්, රාහුල් ද්‍රාවිඩ්, ධිරාජ් මල්හොත්‍රා, සයිමන් ඩූල් සහ ඉයන් බිෂොප් යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.
මේ දක්වා විස්සයි-20 ජාත්‍යන්තර තරග 27 කට ක්‍රීඩා කර ඇති හෝල්ඩර් එහිදී ලකුණු 201 ක් රැස්කරමින් කඩුලු 22 ක් බිඳහෙළා ඇත. ඒවායේදී ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 16.75 ක් ලෙස සටහන් වන අතර කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 32.04 කි.
සුපිරි 12 දෙනාගේ වටයේදී එංගලන්තයට එරෙහිව පැවැති තරගයට ක්‍රීඩා කළ මැකෝයිගේ දකුණු පාදයේ අබාධයක් හේතුවෙන් තරගාවලියේ සෙසු තරගවලට සහභාගිවීමේ අවස්ථාව අහිමිවී ගියේය. ඔහුගේ හැදැස පිරවීම සඳහා සංචිතයට ඇතුළත්වූ හෝල්ඩර් මින් පෙර අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර සිටියේය.
“හෝල්ඩර් දිගටම අපිත් එක්ක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටියා. විස්සයි-20 තරග රටාවට ඔහු හොඳින් ගැලපෙනවා. ඔහු අත්දැකීම්වලින් වගේම දැනුමෙන්ද පරිණත ක්‍රීඩකයෙක්. අවස්ථාවක් ලැබෙනකන් ඔහු හුඟක් උනන්දුවෙන් සහ උද්‍යෝගයෙන් හිටියෙ.” යැයි කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී රොජර් හාපර් මහතා පැවසීය.
මේ දක්වා පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලි 2 ක ශූරතා දිනා සිටින කොදෙව්‍වෝ, මෙවර තරගාවලියේදී සහභාගී වු පළමු තරග දෙකේදීම පරාජයට පත් විය. එංගලන්තය හමුවේ කඩුලු 6 කින් පරාජය වූ කොදෙව්වෝ, දකුණු අප්‍රිකාව හමුවේ කඩුලු 8 කින් පරාජය විය. කොදෙව් පිල සහභාගි වන මීළඟ තරගය හෙට (29 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.