Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැංගුස් හටනට වර්ෂාවෙන් බාධා

මැංගුස් හටනට වර්ෂාවෙන් බාධා

editorial - 2025 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සටහන හා ඡායාරූප  - කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

කළුතර විද්‍යාලය ජාතික පාසැල සහ කළුතර තිස්ස මධ්‍ය මහ විද්‍යාලය ජාතික පාසැල අතර 65 වැනි වරටත් පැවැති ‘මැංගුස් හටන‘  මහා ක්‍රිකට් තරඟය ජය පරාජයෙන් තොරව නිමා විය. මෙම තරගය පසුගිය සති අන්තයේදී මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී පැවැති අතර ඊට වර්ෂාවෙන් බාධා ඇති විය.

වර්ෂාව හේතුවෙන් කළුතර විද්‍යාලයේ පළමු ඉනිම හෝ අවසන් කරගත නොහැකි විය. 

තරගයේ දක්ෂතම පිතිකරු  ලෙසින් මල්ෂ කවිෂාන් (කළුතර තිස්ස මැදි විදුහල ) සම්මාන දිනාගත් අතර දක්ෂතම පන්දු යවන්නා ලෙමින් හිරූෂ ගඟනක (කළුතර විද්‍යාලය ) ත්‍යාග දිනාගත්තේය. දක්ෂතම පන්දු රකින්නා ලෙසින් අශේන් ඉෂාර (කළුතර තිස්ස මැදි විදුහල) සම්මාන හිමිකරගත් අතර දක්ෂතම ක්‍රීඩකයා ලෙස සිතුම් මිහිරංග (කළුතර තිස්ස මැදි විදුහල) සම්මාන දිනාගත්තේය. 

 

කළුතර තිස්ස මැදි විදුහල - පළමු ඉනිම කඩුලු 9 ට 249 යි
(සිතුම් මිහිරංග 49, මල්ෂ කවිෂාන් 47, තාරුක සමන්ජිත් නොදැවී 31,  අජිත් බුද්ධිල 
27, හිරූෂ ගඟනක 89/6, අදීෂ පබසර 76/2)

කළුතර විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 8 ට 91 යි
(අදීශ පබසර නොදැවී  23, දේශාන් ආලෝක 21, සවිනු ලියනගේ 17, ලිවිරු ප්‍රනාන්දු 15, නඳුන් අසේල 43/4, මළිඳු දිල්ශාන් 29/4)

 

අවසන් දිනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවූ තිස්ස ජාතික පාසැලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් ඒ.කේ.සී.ඩී.ද සිල්වා මහතා විසින් කළුතර විද්‍යාලයීය කණ්ඩායමේ නායක අජිත් බුද්ධිල සහ තිස්ස ජාතික පාසැල් කණ්ඩායමේ නායක කෞෂිල අමෝද්‍ය දෙදෙනාටම සම ශූරතාව පිරිනමන ලද අවස්ථාව. කළුතර විද්‍යාලය ජාතික පාසැලේ විදුහල්පති චතුරංග ලීලාරත්න ,කළුතර තිස්ස ජාතික පාසැලේ විදුහල්පති ජේ.ඒ.ඩී.මාලින්ද සහ කළුතර තිස්ස ජාතික පාසැලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් චමිල් විජේවර්ධන යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.


අදහස් (0)

මැංගුස් හටනට වර්ෂාවෙන් බාධා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.