Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතර නිල් මහ සටන උණුසුම් වෙයි

මාතර නිල් මහ සටන උණුසුම් වෙයි

ශනුක අරවින්ද - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලය අතර 114 වන ‘නිල් මහා සටන’ වාර්ෂික කි‍්‍රකට් තරගය මේ මස 21, 22 සහ 23 යන දිනයන්හී මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ වාර්ෂික කි‍්‍රකට් තරගාවලි අතුරින් තෙවැනියට පැරණිතම කි‍්‍රකට් තරගය ලෙස ‘නිල් මහ සටන’ හැඳින්වේ.

1900 වර්ෂයේදී පළමු වතාවට මෙම තරගය ආරම්භ වී තිබේ. මේ දක්වා පැවැත්වූ තරග අතුරින් තරග 32 ක ජයග‍්‍රහණය මාතර ශාන්ත තෝමස් විද්‍යාලයටද තරග 27 ක ජයග‍්‍රහණ සාන්ත සර්වේශස් විද්‍යාලයට ද හිමිවී ඇත.

සාන්ත සර්වේශස් විද්‍යාලය අවසන් වරට නිමල් මුණවීරගේ නායකත්වයෙන් 1971 දී මෙම තරගය ජයගෙන තිබේ. සාන්ත තෝමස් කුමර විද්‍යාලය තාරක දුෂ්‍යන්ත කී‍්‍රඩකයාගේ නායකත්වයෙන් 2007 වසරේදී අවසන් වශයෙන් මෙම තරගය ජයගෙන ඇත.

මෙම තරගය පැවැත්වීමට නියමිත මාතර උයන්වත්ත කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ තණතීරුවට දින කිහිපයකට පෙරදී වල් නාශක ඉසීම නිසා තණකොළ මැරී ගියද කොළඹින් තණතීරු සකසන්නකු ගෙන්වාගෙන තරගය පැවැත්වීමට සංවිධායකයන් පියවර ගැනීම නිමා මෙවර තරගය වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

පාසල් කි‍්‍රකට් සංගමය මේ වසරේදී පැවැත්වූ පළමු වටයේ තරග 16 කට සහභාගි වූ සාන්ත සර්වේශස් විද්‍යාලය තරග දෙකක් පූර්ණ වශයෙන් ජයග‍්‍රහණය කොට තරග හතක් පළමු ඉණිමේ ජය ලබාගෙන තිබේ.

සාන්ත තෝමස් කුමර විද්‍යාලය දෙවන කාණ්ඩයේ තරග 14 කට සහභාගි වී තරග පහක් පූර්ණ වශයෙන් ජයගෙන තවත් තරග දෙකක පළමු ඉනිමේ ජය ලබාගෙන සිටී.

මෙවර සාන්ත සර්වේශස් කි‍්‍රකට් කණ්ඩායමට නායකත්වය දෙන්නේ පස්වන වසරේ වර්ණලාභී කී‍්‍රඩකයෙකු වන සංජික රිද්මයි. ඔහු ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරමින් බංගලාදේශ සංචාරයකට හා සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වූ තරගයකට සහභාගි වූ කී‍්‍රඩකයෙකි.

සාන්ත තෝමස් කුමර විද්‍යාලයේ කණ්ඩායම් නායකයා ලෙස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය නියෝජනය කළ හෂාන් විමර්ශන කටයුතු කරයි. ඔහු තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන කී‍්‍රඩකයෙකි.

ලෝක පූජිත කි‍්‍රකට් කී‍්‍රඩක සනත් ජයසූරිය හා මේ වන විට ඉදිරිපෙළේ කි‍්‍රකට් විනිසුරුවරයකුද වන රුචිර පල්ලියගුරු සාන්ත සර්වේශස් විද්‍යාලය දායාද කළ සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයන්ය. මාතර සාන්ත තෝමස් කුමර විද්‍යාලයෙන් ඉන්දික ද සේරම් හා ප‍්‍රභාත් නිශ්ශංක යන ජාතික කි‍්‍රකට් පිටියට එක්වූහ.

සාන්ත සර්වේශස් විද්‍යාලය වසර 43 ක සිට ද සාන්ත තෝමස් විද්‍යාලය වසර 7 ක සිට ද නිල් මහ සටනේ ජයග‍්‍රහණය ලබාගැනීම සඳහා පොර බදමින් සිටී.

මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරිපෙළ වමේ සිට - තුෂාර එරංග, ලසිත සුවඳරත්න (පුහුණුකරු), නයනානන්ද ද සිල්වා (කි‍්‍රකට් භාර ආචාර්ය), රුචිර ජයතුංග (උපනායක), කේ. රණසිංහ (විදුහල්පති), සංජික රිද්ම (නායක). එම්.එන්. අමරතුංග (කී‍්‍රඩා භාර නියෝජ්‍ය විදුහල්පති), ලෝචන මොහොට්ටි, චානක කොමසාරු (සහාය පුහුණුකරු), ඩිල්ශාන් මධුශංක.
පසුපෙළ වමේ සිට - චානුක දිල්ෂාන්, ඞී.පී. නිමන්ත, සවිරු ධනංජය, රමේෂ් නිමන්ත, කවිදු උමේෂ්, රමීෂ් මධුෂාන්, මයන්ත අබේධීර, රන්දික ද සිල්වා, රජන්ත චන්ඩුල, නිමේෂ් මධුරංග, සඳරු නෙත්මිණි, නිලාන් ප‍්‍රසන්න කුමාර, අශේන් ධීමන්ත, චමිල් ධනංජය, ප‍්‍රභාත් පි‍්‍රයදර්ශන.

සාන්ත තෝමස් කුමර විද්‍යාලයීය කණ්ඩායම
ඉදිරිපෙළ වමේ සිට - දුමිදු හේවාපතිරණ (සහාය පුහුණුකරු), චරිත් පල්ලියගේ (පුහුණුකරු), ජගත් මතගධීර (කී‍්‍රඩාභාර ආචාර්ය), හෂාන් විමර්ශන (නායක), ඩබ්ලිව්.බී. පියතිස්ස (විදුහල්පති), නෙවිදු උදේශ් (උප නායක), ශාන්තිනී සුරවීර (නියෝජ්‍ය විදුහල්පතිනි) කේ.එච්.සී.ප‍්‍රදීප් (කි‍්‍රකට් භාර ආචාර්ය), ලසිත් ලක්ෂාන්.
මැදපෙළ වමේ සිට - මොහොමඞ් සස්නි, හසිත සුනෙත්, රුසිරු ආක්ශය, සනුත් ප‍්‍රමුදිත, හෂීන් ඩිල්මාල්, දිලූම් කි‍්‍රෂාන්, කවිදු ගිම්හාන, විදත් ජයනිදු, නිමන්ත කවිශ්වර, පි‍්‍රන්ස් දැවගොඩ, දිලීප් තාරක.
 පසුපෙළ වමේ සිට - තරුෂ කාවින්ද්‍ය, නිපුන් අචලංක, අකිල තිවංක, සසිදු නිශංක, ඔසඳ මනුපති, හේෂාන් හසංක, ඉෂාන් ජයවර්ධන.

 


අදහස් (1)

මාතර නිල් මහ සටන උණුසුම් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.