Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාතර ක්‍රිකට් නිලවරණය 2 දා

මාතර ක්‍රිකට් නිලවරණය 2 දා

යොහාන් භාසුර - 2019 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රිකට් ක්‍රීඩා සමාජයක් වන මාතර ක්‍රීඩා සමාජයේ වාර්ෂික මහ සභාව සහ නිලවරණය මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ පිහිටි එම ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාරයේදී සෙනසුරාදා (02 වැනිදා) පෙරවරු 10.00 ට පැවැත්වේ.

මාතර ක්‍රීඩා සමාජ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයේදී ඡන්ද දෙකක් හිමි පාලක ක්‍රීඩා සමාජයකි.  
මෙම නිලවරණයේදී සභාපති තනතුර සඳහා වෛද්‍ය සංජය සෙනරත් සේදර සහ රාජ් චන්ද්‍රලාල් යන මහත්වරු තරග කරති. වෛද්‍ය සංජය සෙනරත් සේදර මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය නිලවරණයේදී ‘රණතුංග’ පාර්ශවයෙන් උප භාණ්ඩාගාරික ධූරයට තරග කළේය.

ලේකම් ධූරයට හිටපු ලේකම් සුනිල් මොහොට්ටි සහ ජගත් මුණසිංහ යන මහත්වරු ද, භාණ්ඩාගාරික ධූරයට හිටපු භාණ්ඩාගාරික ප්‍රසන්න ගලප්පත්ති සහ සමන්ත ප්‍රේමරත්න යන මහත්වරු ද, තරග කරති.

මාතර ක්‍රීඩා සමාජය 1909 වර්ෂයේ ආරම්භ කර ඇති අතර එම ක්‍රීඩා සමාජයෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයන් රැසක් දායාද කර තිබේ. හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය, 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිල නියෝජනය කළ ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, ඉන්දික ද සේරම් සහ ප්‍රභාත් නිශ්ශංක මාතර ක්‍රීඩා සමාජයෙන් ජාතික තලයට පැමිණි ක්‍රීඩකයෝ වෙති.
 

 


අදහස් (0)

මාතර ක්‍රිකට් නිලවරණය 2 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.