Last Update  :  2024-05-10 23:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල - සංගා කුසලානය නාලන්දයට

මහේල - සංගා කුසලානය නාලන්දයට

editorial - 2024 අප්‍රේ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශමිල් අමිට්)

කොළඹ නාලන්දා විද්‍යාලයත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයත් අතර පැවැත්වෙන වාර්ෂික විද්‍යාලාන්තර තරගයේදී ත්‍රිත්ව විද්‍යාලයීය කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කළ නාලන්දා ක්‍රීඩකයෝ පළමු වතාවට ‘මහේල - සංගා කුසලාන’ දිනාගත්හ. මෙම තරගය කැම්බල් පෙදෙසේ පිහිටි නාලන්දා විද්‍යාලයීය පිටියේදී පැවැත්විණ. 

මුල් ඉනිමේදී ලකුණු 100 ක අවාසියකට මුහුණ දී සිටි ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමු දින තරගය අවසන් කරන විට කිසිවකු නොදැවී ලකුණු 40 ක් ලබා සිටියහ. එහෙත් අද (27 වැනිදා) පෙරවරුවේදී ලකුණු 69 ක් ලබාගන්නා අතරතුරේදී ත්‍රිත්ව දෙවැනි ඉනිමේ කඩුලු 10 ම බිඳ වැටෙන විට මුලු ලකුණු සංඛ්‍යාව 109 ක් විය. 

වමතින් දඟ පන්දු යවන සජිත විතානගේ (35/3), මිනෝද් කල්දේරා (50/3) සහ තිසර දෙව්දුනු 13/2) එක්ව නාලන්දා කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 


ත්‍රිත්ව විදුහල - පළමු ඉනිම 72 යි
(රජිඳු තිලකරත්න 19, සජිත විතානගේ 14/4, මිනෝද් කල්දේරා 11/3, නදුල් ජයලත් 21/2) 

නාලන්දා විද්‍යාලය - පළමු ඉනිම 172 යි
(සජිත විතානගේ 40, සදෙව් සමරසිංහ 34, මිනෙව් පරණවිතාන 33, සත්මිණ සේරසිංහ 23, වතිල උදාර 29/5, චනිරු හංසන 33/2) 

ත්‍රිත්ව විද්‍යාලය - දෙවැනි ඉනිම 109 යි
(පුලිෂ තිලකරත්න 20, වතිල උදාර 20, විදුනෙත් ගිම්හාන 15, සජිත විතානගේ 35/3, මිනෝද් කල්දේරා 50/3, තිසර දෙව්දුනු 13/2)

නාලන්දා විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 3 ට 11 යි
(තිසල් යාපා 02/2)


අදහස් (0)

මහේල - සංගා කුසලානය නාලන්දයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.