Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල - ධනුෂ්ක එස්. එස්. සී. දිනවති

මහේල - ධනුෂ්ක එස්. එස්. සී. දිනවති

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (19 වැනිදා) පැවති තරගයකින් මුවර්ස් කී‍්‍රඩා සමාජය පරදවා ඩක්වත් ලූවිස් ක‍්‍රමයට ලකුණු 38 ක ජයක් වාර්තා කිරීමට සිංහල කී‍්‍රඩා සමාජය සමත්විය. මෙම තරගය මුවර්ස් කී‍්‍රඩා සමාජ කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

ලකුණු 277 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය සිංහල කී‍්‍රඩා සමාජය කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට  ඕවර 38 ක් තුළදී ලකුණු 215 ක් ලබාසිටියේය. කෙසේ වුවත් ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ඒ මොහොතේ තරගය ජයග‍්‍රහණය කිරීමට ඔවුන්ට අවශ්‍යවී තිබුණේ ලකුණු 178 ක් පමණි.

මහේල ජයවර්ධන (90) සහ ධනුෂ්ක ගුණතිලක (75) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් සිංහල කී‍්‍රඩා සමාජයට ජයග‍්‍රහණයේ දෙරටු විවර කර දුන්හ. පන්දු 83 ක් කින් වාර්තා වූ මහේලගේ ඉනිමට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත්විය.

සිංහල කී‍්‍රඩා සමාජය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මුවර්ස් කණ්ඩායම 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 276 ක් රැස්කළේය. එහිදී චතුරංග ද සිල්වා සහ ඉශාම් ගවුස් පිළිවෙළින් ලකුණු 71 ක් සහ 57 ක් වශයෙන් අර්ධ ශතක රැස්කිරීමට සමත්වූහ.

මුවර්ස් කණ්ඩායම  ඕවර 50 කදී කඩුලූ 8 ක් දැවී 276
(ඉශාම් ගවුස් 57, ඔසඳ ප‍්‍රනාන්දු 35, චතුරංග ද සිල්වා 71, සුරේෂ් නිරෝෂන් 27, කෞෂල්‍ය ගජසිංහ 26, හර්ෂ කුරේ නෙදැවී 21, චරිත් ජයම්පති 40/3, ධම්මික ප‍්‍රසාද් 48/2)

සිංහල කී‍්‍රඩා සමාජ කණ්ඩායම  ඕවර 38 කදී කඩුලූ 2 ක් දැවී 215
(මහේල ජයවර්ධන 90, ධනුෂ්ක ගුණතිලක නෙදැවී 75, කෞෂාල් සිල්වා 25, චාමර කපුගෙදර නෙදැවී 15)

036


අදහස් (0)

මහේල - ධනුෂ්ක එස්. එස්. සී. දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.