
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන මහතා ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ ක්‍රිකට් කමිටුවට යළිත් පත් කර තිබේ.
පසුගියදා පැවැති අයි.සී.සී. අධ්‍යක්‍ෂක මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සඳහා අනුමැතිය හිමිවුණි. ඒ අනුව මහේල ජයවර්ධන මහතා ිහිටපු ක්‍රීඩකයන්ගේ නියෝජිතයෙකු ලෙස කමිටුවට යළිත් පත් කර තිබේ.
අයි.සී.සී ක්‍රිකට් කමිටුවේ සාමාජිකයින්
මහේල ජයවර්ධන - හිටපු ක්‍රීඩකයන්ගේ නියෝජිත (නැවත පත්කිරීම)
ගැරී ස්ටෙඞ් - ජාතික කණ්ඩායම් පුහුණුකරුවන්ගේ නියෝජිත
ජේ ෂා - සාමාජික මණ්ඩල නියෝජිත
ජොයෙල් විල්සන් - අයි.සී.සී. උසස් කාණ්ඩයේ විනිසුරුවන්ගේ නියෝජිත
ජේමි කොක්ස් - මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නියෝජිත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.