Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහේල උඩවත්තගෙන් ශතකයක්

මහේල උඩවත්තගෙන් ශතකයක්

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කොටසේ තරගයකදී සම්පත් බැංකු පිල පරදවා ලකුණු 136 ක ජයක් අත්කර ගැනීමට මාස් යුනිචෙලා පිල අද (20 වැනිදා) සමත්විය. මෙම තරගය කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මහේල උඩවත්ත පන්දු 107 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 101 ක් රැස්කළ අතර තිලකරත්න ඩිල්ශාන් (51) අර්ධ ශතකයක් රැස්කිරීමට සමත්විය.

සම්පත් බැංකු පිල වෙනුවෙන් කසුන් රාජිත ලකුණු 34 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


මාස් යුනිචෙලා - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 267
(මහේල උඩවත්ත 101, තිලකරත්න ඩිල්ශාන් 51, කසුන් රාජිත 34/4, තරිඳු කෞශාල් 50/2)

සම්පත් බැංකුව - ඕවර 32.5 කදී සියලුදෙනා දැවී ලකුණු 131
(තරිඳු කෞශාල් 48, රොමේෂ් බුද්ධික 33, ශෙහාන් මදුශංක 23/3, චතුරංග ද සිල්වා 15/2, දුවිඳු තිලකරත්න 15/2)

 


අදහස් (0)

මහේල උඩවත්තගෙන් ශතකයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.