Last Update  :  2025-05-23 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට
අයි.පී.එල්. - 2025

මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට

editorial - 2025 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 63 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගණයේදී ඊයේ (21 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 59 ක ජයක් වාර්තා කිරීමට මුම්බායි කණ්ඩායම සමත් විය. 

මුම්බායි කණ්ඩායම මෙවර තරගාවලියේදී ලැබූ 8 වැනි ජයග්‍රහණය මෙය වූ අතර මෙම ජයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමටද මුම්බායි කණ්ඩායමට හැකි විය. එහෙත් මෙම පරාජයත් සමග දිල්ලි කණ්ඩායමට තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවසන් අවස්ථාවත් ගිළිහී ගියේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්යක් හඹාගිය ගිය මුම්බායි කණ්ඩායමට ඕවර 18.2 අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 121 ක් පමණි. විශිෂ්ඨ පන්දු යැවීම්හි නිරත වූ මිචෙල් සෑන්ට්නර් ලකුණු 11 කට කඩුලු 3 ක්ද, ජස්ප්‍රීට් බුම්රා ලකුණු 12 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 180 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ නායක සූර්යකුමාර් යාදව් පන්දු 43 කින් නොදැවී ලකුණු 73 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 7 ක් සමගිනි. තිලක් වර්මා (27) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 55 ක සම්න්ධතාවක් ගොඩනැගීමටද යාදව් සමත් විය.  


මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 180 
(රයන් රිකෙල්ටන් 25, විල් ජැක්ස් 21, සූර්යකුමාර් යාදව් නොදැවී 73, තිලක් වර්මා 27, නාමන් ධීර් නොදැවී 24, මුකේෂ් කුමාර් 48/2) 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 121 
(සමීර් රිස්වි 39, විප්‍රජ් නිගම් 20, අෂුතෝෂ් ශර්මා 18, මිචෙල් සෑන්ට්නර් 11/3, ජස්ප්‍රීට් බුම්රා 12/3)  

-036 


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් අවසන් වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.