ඇමතිවරුන්ගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම අතර කථානායක කුසලානය සඳහා දෙවැනි වරටත් පැවැති වාර්ෂික විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම කඩුලූ 4 ක ජයක් ලැබීය.
මෙම තරගය ටොරින්ටන් පෙදෙසේ කී‍්‍රඩා අමාත්‍යංශ කි‍්‍රඩාංගණයේදී ඊයේ (15 වැනිදා) පෙරවරුවේ පැවැත්විණ.
ලකුණු 198 ක ඉලක්කයක් හඹාගිය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම ඕවර 18.1 ක් අවසානයේ එම ඉලක්කය සම්පූණකළ අතර එහිදී කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පන්දු 49 කදී හයේ පහර 10 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 89 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.
නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතා පන්දු 28 කදී හයේ පහර 9 සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 73 ලබා තරගයේ දක්ෂතම පිතිකරුවා බවට පත්විය.
නාමල් රාජපක්ෂ මහතා ලකුණු 34 කට කඩුලූ 3 ක් දවාගනිමින් දක්ෂතම පන්දු යවන්නා ලෙසත්, හරේන් ප‍්‍රනාන්දු මහතා උඩපන්දු 2 ක් රැුකගනිමින් දක්ෂතම පන්දු රකින්නා ලෙසත් සම්මාන ලබාගත්හ.
ඇමතිවරුන්ගේ කණ්ඩායම ඕවර 20 කදී කඩුලූ 7 ට 198 (ඩලස් අලහප්පෙරුම 21, විමල් වීරවංශ 24, ඉන්දික බණ්ඩාරනායක 73, පේ‍්‍රමලාල් ජයසේකර 34, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු 32, නාමල් රාජපක්ෂ 34/3)
පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම ඕවර 18.1 කදී කඩුලූ 6 ට 204 (තිලංග සුමතිපාල 15, නලින් බණ්ඩාර 89, හරේන් ප‍්‍රනාන්දු 48, අකිල විරාජ් 15, ඉන්දික බණ්ඩාරනායක 35/2, පේ‍්‍රමලාල් ජයසේකර 47/2)
ඇමති විමල් වීරවංශ පන්දුවට පහර දුන් අයුරු. පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් ද පන්දු රකිමින් සිටියි.
ලකුණු 89 ක් රැස් කරමින් තරගයේ වීරයා සම්මාන ලැබූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලීන් බණ්ඩාරගෙන් හයේ පහරක්. කඩුලූ රකින්නා ඇමති ඩලස් අලහප්පෙරුම ද මෙහි සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.