Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මධ්‍යම පළාත් ඉනිම 293 කට සීමාවෙයි

මධ්‍යම පළාත් ඉනිම 293 කට සීමාවෙයි

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම සහ මධ්‍යම පළාත් කණ්ඩායම අතර සී. සී. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ පළමු දිනය වූ අද (31 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි බස්නාහිර පළාත් උතුර කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 16 ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ බස්නාහිර පළාත් උතුර කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් මධ්‍යම පළාත් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 293 ක් රැස්කළ අතර එහිදී දක්ෂ පිතිහරඹයක නිතර වූ නිමේෂ ගුණසිංහ (80) සහ නිවනිඳු ප්‍රනාන්දු (76) අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

බිනුර ප්‍රනාන්දු සහ  දුවිඳු තිලකරන්ත කඩුලු 4 බැගින් දවාගනිමින් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මධ්‍යම පළාත් කණ්ඩායම - ඕවර 76 කදී සියලු දෙනා දැවී 293
(නිමේෂ ගුණසිංහ 80, නිවනිඳු ප්‍රනාන්දු 76, ළහිරු සමරකෝන් 38, ලක්ෂාන් ප්‍රනාන්දු 35, රවීන් සේයර් 32, බිනුර ප්‍රනාන්දු 39/4, දුවිඳු තිලකරන්ත 98/4)

බස්නාහිර පළාත් උතුර කණ්ඩායම - ඕවර 5 කදී කඩුල්ලක් දැවී 16

 


අදහස් (0)

මධ්‍යම පළාත් ඉනිම 293 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.