Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ‘ප්‍රීමා’ කුසලාන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 318 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට මධ්‍යම පළාත් කණ්ඩායම අද (31 වැනිදා) සමත්විය. මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
කාසියේ වාසිය දිනාගත් උතුරු පළාත් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට මධ්‍යම පළාත් කණ්ඩායමට ආරාධනා කළ අතර නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 368 ක් රැස්කිරීමට ඔව්හු සමත්වූහ. වේගවත් පිතිහරඹයක නිරතවූ අංජල බණ්ඩාර පන්දු 139 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 20 ක් සමගින් ලකුණු 157 ක් රැස්කරමින් මධ්‍යම පළාත් කණ්ඩායම ලකුණු 350 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
අර්ධ ශතකය පන්දු 37 කදී ලබාගත් අංජල බණ්ඩාර ශතකය පන්දු 104 කදී ලබාගත්තේය. අංජල බණ්ඩාරට අනගි සහයක් ලබාදෙමින් අනෙක් අන්තයේ පන්දුවට පහරදුන් තිසර ඒකනායක පන්දු 99 කදී ලකුණු 83 ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය. අංජල බණ්ඩාර සහ තිසර ඒකනායක එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 229 කදී ලකුණු 248 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තරගයේ වැඩි ගෞරව මධ්‍යම පළාත් පිලට ලබාදීමට සමත්වූහ.
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ නායක ළහිරු අබේසිංහ පන්දු 18 කදී ලකුණු 55 ක් රැස්කිරීමට සමත්වූ අතර හයේ පහර 6 කින් සහ හතරේ පහර 3 කින් ඔහුගේ ඉනිම අලංකාර විය. ඒ.අභිෂේක් සහ කේ.විදුශාන් කඩුලු 3 බැගින් දවාගැනීමට සමත්වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 369 ක ඉලක්කයක් හඹාගිය උතුරු පළාත් කණ්ඩායමට ඕවර 23.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 50 ක් පමණි. එන්.අජේ ලකුණු 19 ක් රැස්කරමින් උතුරු පළාත් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර අනෙක් පිතිකරුවන්ට ලකුණු 05 සීමාව පසුකර යෑමට මධ්‍යම පළාත් පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණ. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ නායක ළහිරු අබේසිංහ ලකුණු 09 කට කඩුලු 4 ක් දවාගත් අතර ඉෂාර මධුවන්ත, දිහාන් මුදුන්කොටුව සහ තෙනුක ඒකනායක කඩුලු 2 බැගින් දවාගනිමින් මධ්‍යම පළාත් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
තවත් තරග 4 ක් කටුනායක මේරියන්ස්, පොලොන්නරුව රාජකීය විද්‍යාලය, රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ බීර.ආර්.සී. යන ක්‍රීඩාංගණ වලදී පැවැත්වුණි.
එහිදී බස්නාහිර (උතුර පිටත) කණ්ඩායමට එරෙහිව වයඹ පළාත් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්ද, නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව බස්නාහිර උතුර කණ්ඩායම කඩුලු 10 ක ජයක්ද, ඌව පළාත් කණ්ඩායමට එරෙහිව බස්නාහිර මධ්‍යම කණ්ඩායමට ලකුණු 154 ක ජයක් සහ උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව දකුණු පළාත් කණ්ඩායමට ලකුණු 3 ක ජයක්ද හිමිවිය.
මූලික වටයේ අවසන් තරග නොවැම්බර් 2 වැනිදා ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිතව ඇත.
මධ්‍යම පළාතට ලකුණු 318 ක ජයක්
මධ්‍යම පළාත - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 368
(අංජල බණ්ඩාර 157, තිසර ඒකනායක 83, ළහිරු අබේසිංහ 55, ඒ.අභිෂේක් 76/3, කේ.විදුශාන් 99/3)
උතුරු පළාත - ඕවර 23.3 කදී සියලු දෙනා දැවී ලකුණු 50
(ළහිරු අබේසිංහ 09/4, ඉෂාර මධුවන්ත 01/2, දිහාන් මුදුන්කොටුව 07/2, තෙනුක ඒකනායක 17/2)
වයඹ පළාතට කඩුලු 4 ක ජයක්
බස්නාහිර (උතුර පිටත) - ඕවර 46.3 කදී සියලු දෙනා දැවී ලකුණු 158
(මුදිත ලක්ෂාන් 57, රෂ්මික හිරුෂාන් 20, මෙනුෂ පෙරේරා 16/4, දිනෙත් මිලාන් 20/2, පසිඳු විජේකෝන් 28/2)
වයඹ පළාත - ඕවර 41.5 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 159
(ගයන වීරසිංහ නොදැවී 54, ගයාන් හර්ෂණ නොදැවී 25, නෙත්මාල් සොයිසා 25, එසඳ සිතුම් 21/4, මුදිත ලක්ෂාන් 16/2)
බස්නාහිර උතුර පිලට කඩුලු 10 ක ජයක්
නැගෙනහිර පළාත - ඕවර 44.5 කදී සියලු දෙනා දැවී ලකුණු 108
(ජේ.ශානුෂ්කන් 44, පසන් භාග්‍ය 20, මලිත් බිම්සර 20/4, ශෙනුක සේරසිංහ 17/3)
බස්නාහිර උතුර - ඕවර 16.4 කදී කිසිවකු නොදැවී ලකුණු 109
(රුසිරු විලෝචන නොදැවී 71, සහන් දාබරේ නොදැවී 30)
බස්නාහිර මධ්‍යම පිලට ලකුණු 154 ක ජයක්
බස්නාහිර මධ්‍යම - ඕවර 38 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 289
(සිනෙත් ජයවර්ධන නොදැවී 90, යුනෙත් සෙනෙවිරත්න 90, සහන් කෞෂල්‍ය 84)
ඌව පළාත - ඕවර 38 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 135
(සඳුන් සංදීප නොදැවී 31, දිනෙත් සෙනෙවිරත්න 21/3, යසිරු යුගත් 27/2)
දකුණු පළාතට ලකුණු 3 ක ජයක්
දකුණු පළාත - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 113
(තරිඳු නිර්මාල් 33, රවීෂාන් නෙත්සර 34, සිතුල් විජේසේකර 20/3, ජි.පී.දේශාන් 22/2)
උතුරු මැද පළාත - ඕවර 36 කදී සියලු දෙනා දැවී ලකුණු 110
(ඉම්ෂාල් සියාඞ් 29, චානක ජගන්ගා 20/3, මල්ෂ තරුපති 22/3)
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.