Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිමල් කොළඹ රාජකීය විදුහලට ජයගෙනෙයි

බිමල් කොළඹ රාජකීය විදුහලට ජයගෙනෙයි

Nisanka Sandeepani - 2017 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර රාජකීය විදුහලට එරෙහිව ලකුණු 75 ක ජයක් ලබා ගැනීමට කොළඹ රාජකීය විදුහල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කොළඹ රාජකීය විදුහලේ බිමල් විජේසේකර ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

පෙරදින ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය පමාවූ අතර එක් කණ්ඩායමකට ඕවර 47 කට තරගය සීමාවිය.

කොළඹ රාජකීය විදුහල - ඕවර 47 කදී කඩුලු 9 ක් දැවී 197
(අශාන් සංචිත 39, පුලිඳු මල්ලිකාරච්චී 38, තෙවිඳු සෙනෙවිරත්න 29, කවිඳු චතුරංග 20, එරන් හන්සමාල් 42/3, චමත් ආරියවික්‍රම 20/2, කලන නවීන් 26/2)

පානදුර රාජකීය විදුහල - ඕවර 40.2 කදී සියලුදෙනා දැවී 122
(කාවින්ද ඩිල්ශාන් 29, ශෙහාන් ඩිල්ශාන් 25, බිමල් විජේසේකර 35/5, මනුල පෙරේරා 19/2, විනුජ මෙන්ඩිස් 34/2)


අදහස් (0)

බිමල් කොළඹ රාජකීය විදුහලට ජයගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.