Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බිනුර (100) - ටිරෝන් (123) තම පිල බේරා ගනිති

බිනුර (100) - ටිරෝන් (123) තම පිල බේරා ගනිති

ශනුක අරවින්ද - 2013 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය වයස 19 න් පහළ පිල සහ ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල අතර පැවැති තරග දෙකින් සමන්විත සිවුදින ක‍්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී අද (01* අවසන් වූ දෙවැනි සිවුදින ක‍්‍රිකට් තරගය ද විසඳුමකින් තොරව නිමා විය.

දෙවැනි ඉනිමේදී ලකුණු 258 කට කඩුලූ 7 ක් බිඳ වැටී ශ්‍රී ලංකා යොවුන් පිල අසරණව සිටියදී ශතක ලබාගත් බිනුර ප‍්‍රනාන්දු (නොදැවී 100) සහ ඒ. කේ. ටිරෝන් (123) තම පිල පරාජයෙන් ගලවා ගත්හ. මෙම පිතිකරුවන් දෙදෙනා අතර අටවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 188 කි.

ලකුණු 319 ක ජයග‍්‍රාහි ඉලක්කයක් කරා යාම සඳහා දෙවැනි ඉනිමේ පන්දුවට පහර දුන් ඉන්දීය යොවුන් පිල තරගය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 113 ක් ලබා සිටියේය.

ශ‍්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිම සියලූ දෙනා දැවී 212

ඉන්දීය යොවුන් පිල පළමු ඉනිම කඩුලූ 8 ට 393

(ශුභාම් කජුරියා 36, විජේයි ෂූල් 128, සංජු සැම්සන් 70, එස්. ඒයර් 84, අමීර් ගානි 41, ඒ. කේ. ටිරෝන් 116/2, ප‍්‍රිමාල් පෙරේරා 24/2)

ශී‍්‍ර ලංකා යොවුන් පිල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 499

(හෂාන් දුමිඳු 31, කවිඳු කුලසේකර 29, කුසල් මෙන්ඩිස් 65, සදීර සමරවික‍්‍රම 63, ප‍්‍රිමාල් පෙරේරා 41, බිනුර ප‍්‍රනාන්දු නොදැවී 100, ඒ. කේ. ටිරෝන් 123, චාමා මිලින්ඞ් 98/4)

ඉන්දීය යොවුන් පිල දෙවැනි ඉනිම කඩුලූ 3 ට 113

(අකිල් හෙර්වඩර් 32, ප‍්‍රිමාල් පෙරේරා 28/2)

සටහන - යොහාන් භාසුර 


අදහස් (0)

බිනුර (100) - ටිරෝන් (123) තම පිල බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.