Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි දෙක සඳහා වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා එක්වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අද (23 වැනිදා) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
පිට කොන්දේ පහළ කොටසේ සිදුකළ ශල්‍යකර්මයක් හේතුවෙන් මාස 4 ක පමණ කාළයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ඉවත්වී සිටි බුම්රා අවසන් වරට පසුගිය අගෝස්තු මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති තරගයකට සහභාගී විය. කොදෙව් පිලට එරෙහිව පැවැති දෙවැනි එක්දින තරගයේදී දැල තුල පන්දු යවමින් තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය යහපත් මට්ටමක ඇති බව බුම්රා ඔප්පු කර ඇත.
2019 වසර සඳහා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ රෝහිත් ෂර්මා ශ්‍රී ලංකාවට එරෙහිව ජනවාරී 5 වැනිදා ආරම්භ වන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලියේදී විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ සිට බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඉන්දීය සංචාරය දක්වාම පැවැති සියලු තරගාවලි වලට සහභාගීවූ ඉන්දීය එක්දින කණ්ඩායමේ උපනායක රෝහිත් ෂර්මා බොහෝ වෙහෙසට පත්වී ඇති බැවින් ඔහුව විවේක ගැන්වීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. නිත්‍ය නායක විරාට් කෝලී විවේක ගන්නා විටදී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ෂර්මාට හිමිවනු ඇත.
විවේක ගැන්වීම හේතුවෙන් රෝහිත් ෂර්මාට අමතරව වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ශාමීටද ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අහිමිවී යනු ඇත.
දේශීය විස්සයි20 තරගාවලියකදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති එක්දින සහ විස්සයි20 තරගාවලි දෙකම අහිමිවූ ශීකර් ධවාන් ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි දෙක සඳහා තෝරා ගැනීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
තේරීම් කමිටු ප්‍රධානී එම්.එස්.කේ. ප්‍රසාද් මහතා ඇතුළු තේරීම් කමිටු නිලධාරීන් ශ්‍රී ලංකාවට සහ ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 සහ එක්දින තරගාවලි සඳහා සංචිත දෙක තේරීම සඳහා දිල්ලි හිදී රැස්වූහ.
රිෂාබ් පාන්ට්ගේ කඩුලු රැකීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා විශේෂඥයකු පත්කිරීමට ඉන්දීය කණ්ඩායම තීරණය කර ඇති බව මාධ්‍ය ඇමතු තේරීම් කමිටු ප්‍රධානී එම්.එස්.කේ. ප්‍රසාද් මහතා පැවසීය. පාන්ට් කඩුලු රැකීමේ හැකියාව වර්ධනය කරගත යුතුයි. ඔහුට විශේෂඥ කඩුලු රකින්නකුගේ සහය ලබාදීමට අපි කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රසාද් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියෙන් පසුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලිය ජනවාරී 14 වැනිදා ආරම්භ වේ.
ඉන්දීය සංචිතය (ශ්‍රී ලංකා විස්සයි20 තරගාවලිය)
විරාට් කෝලී (නායක), ශීකර් ධවාන්, ලෝකේෂ් රාහුල්, ශ්‍රීයාස් අයියර්, රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජඬේජා, ශිවාම් ඩුඞ්, යුස්වේන්ද්‍ර චහල්, කුල්දිප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා, නව්දීප් සයිනි, ශර්දුල් ඨාකූර්, මනිෂ් පාන්ඬේ, වොෂින්ටන් සුන්දර්, සංජු සැම්සන්.
ඉන්දීය සංචිතය (ඕස්ට්‍රේලියා එක්දින තරගාවලිය)
විරාට් කෝලී (නායක), ශීකර් ධවාන්, රෝහිත් ශර්මා, ලෝකේෂ් රාහුල්, ශ්‍රීයාස් අයියර්, රිෂාබ් පාන්ට්, රවින්ද්‍ර ජඬේජා, ශිවාම් ඩුඞ්, යුස්වේන්ද්‍ර චහල්, කුල්දිප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා, නව්දීප් සයිනි, ශර්දුල් ඨාකූර්, මනිෂ් පාන්ඬේ, කේදර් ජාදව්.
...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.