ශ්‍රී ලාංකීය කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගත තරු විකසිත වන විචිත‍්‍රවත් රාති‍්‍රය අනිද්දා උදාවෙයි. 2013 වසරේ බාටා - ‘සන්ඬේ ටයිම්ස්’ පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සම්මාන ප‍්‍රදානෝත්සවය මේ මස 2 වැනිදා (සිකුරාදා) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ.
මෙම උත්සවයේ ප‍්‍රධාන අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන ආනා පුංචිහේවා මහතා සහභාගීවීමට නියමිතය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම 1996 ලෝක කුසලාන දිනාගන්නා අවස්ථාවේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති තනතුර දැරුවේ ආනා පුංචිහේවා මහතාය. 1996 දී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ අර්ජුන රණතුංග ඇතුළු ලෝක කුසලාන දිනාගත් කි‍්‍රඩකයන් සෑම දෙනාම පාහේ ඔවුනොවුන්ගේ පාසල් වලට කී‍්‍රඩා කරද්දී බාටා පාසල් කි‍්‍රකට් සම්මාන ලැබුවෝ වෙති.
මෙම වසරේ බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස තේරී සිටින මොරටුව වේල්ස් කුමර විදුහලේ කුසල් මෙන්ඩිස් මේ වන විටත් අනාගත කි‍්‍රකට් තරුවක් ලෙස මැනවින් දස්කම් දක්වා තිබේ. දීප්තිමත් අනාගතයකට හිමිකම් කියන කුසල් වර්තමානයේදී ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායමේ නායකයාද වෙයි.
යොවුන් කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ කී‍්‍රඩා දිවිය ඉහළට ඔසවා ගැනීම සඳහා, වසරේ පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගය කදිම වේදිකාවක් වේ යයි බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සංවිධායකවරුන් වන බාටා ආයතනය සහ සන්ඬේ ටයිම්ස් පුවත්පත බලාපෙරොත්තු වෙයි.
බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කී‍්‍රඩකයන් තේරීමේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ජයන්ත සෙනෙවිරත්න මහතා කටයුතු කළ අතර බ්‍රෙන්ඩන් කුරුප්පු, අශෝක ද සිල්වා සහ ප‍්‍රවීණ කි‍්‍රකට් පුහුණුකරුවකු වන කාල්ටන් බර්නාඩස් යන මහත්වරු එම විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.
බාටා පාවහන් සමාගම නියෝජනය කරමින් එහි කළමණාකාර අධ්‍යක්ෂක විකාස් ආනන්ද් මහතා සහ මුල්‍ය පාලක හත්තා ටුටුකෝ මහතාද මෙම සම්මාන රාති‍්‍රයට සහභාගීවීමට නියමිතය.
(*)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.