Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලූ 4 ක ජයක්

බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලූ 4 ක ජයක්

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවැති තරගයේදී හලාවත මේරියන්ස් පිල පරදවා කඩුලූ 9 කින් ජය ගැනීමට බ්ලූම්ෆීල්ඞ් පිල අද සමත් විය. තරගය මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

බ්ලූම්ෆීල්ඞ් පිල කාසියේ වාසිය දිනා, මුලින්ම පන්දුවට පහරදීමට හලාවත මේරියන්ස් පිලට ආරාධනා කළ අතර  ඕවර 40.2 කදී සියලූ දෙනාම දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 174 ක් පමණි. නිමේශ් පෙරේරා (63) අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 175 ක ඉලක්කයක් හඹාගිය බ්ලූම්ෆීල්ඞ් පිල  ඕවර 40 කදී කඩුලූ 6ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. පන්දු 83 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් රැස් කිරීමට මාධව වර්ණපුර සමත් විය.

හලාවත මේරියන්ස්  ඕවර 40.2 කදී සියලූ දෙනාම දැවී 174
(නිමේශ් පෙරේරා 63, කාංචන ගුණවර්ධන 36, සුරාජ් රංදිව් 33/4, විශ්ව ප‍්‍රනාන්දු 33/3)

බ්ලූම්ෆීල්ඞ්  ඕවර 40 කදී කඩුලූ 6ක් දැවී 175
(මාධව වර්ණපුර 54, නිමේෂ් පෙරේරා 48, ළහිරු ගමගේ 39/3, සාලිය සමන් 38/2)


අදහස් (0)

බ්ලූම්ෆීල්ඞ් පිලට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.