Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර (උතුර) ට කඩුලු 10 ක ජයක්

බස්නාහිර (උතුර) ට කඩුලු 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (27 වැනිදා) අවසන්වූ තරගයකදී නැගෙනහිර පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනිමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම සමත් විය.

බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම වෙනුවෙන් කවින් බණ්ඩාර (144) ශතකයක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර නුවන් තුෂාර (13/5) සහ දුවිඳු තිලකරත්න (62/5) කඩුලු පහ බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පන්දුවෙන් දස්කම් දැක්වූ බිනුර ප්‍රනාන්දු ඉනිම දෙකෙහිදී ලකුණු 46 කට කඩුලු 7 ක් දවාගනිමින් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක විය.


නැගෙනහිර පළාත - පළමු ඉනිම - ඕවර 21.1 කදී සියලුදෙනා දැවී 64
(වොෂාන්ත ද සිල්වා 25, නුවන් තුෂාර 13/5, බිනුර ප්‍රනාන්දු 26/4)

බස්නාහිර (උතුර) - පළමු ඉනිම - ඕවර 61.1 කදී කඩුලු 9 ක් දැවී 282
(කවින් බණ්ඩාර 144, සලිඳු උශාන් 50, සම්බු අෂාන් 29, සංජික රිද්ම 50/4, රමේෂ් නිමන්ත 56/2, නිමේෂ් විමුක්ති 61/2)

නැගෙනහිර පළාත - දෙවැනි ඉනිම - ඕවර 51.5 කදී සියලුදෙනා දැවී 218
(රමේෂ් නිලන්ත 79, සචින්ත ජයතිලක 59, රමිඳු නිකේෂල 22, දුවිඳු තිලකරත්න 62/5, බිනුර ප්‍රනාන්දු 40/3)

බස්නාහිර (උතුර) - දෙවැනි ඉනිම - ඕවර 2.2 කදී කිසිවකු නොදැවී 04

 


අදහස් (0)

බස්නාහිර (උතුර) ට කඩුලු 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.