Last Update  :  2025-12-24 19:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බස්නාහිර (උතුර) - මධ්‍යම පළාත් පෙරමුණට

බස්නාහිර (උතුර) - මධ්‍යම පළාත් පෙරමුණට

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පළාත් 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි සතිය නිමාවන විට ප්‍රසාද ලකුණු 47.24 ක් ලබාගත් මධ්‍යම පළාත් කණ්ඩායම ‘ඒ’ කාණ්ඩයේත්, ප්‍රසාද ලකුණු 51.02 ක් ලබාගත් බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම ‘බී්’ කාණ්ඩයේත් පෙරමුණ ගැනීමට සමත්වී ඇත.

බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායම තරග තුනක් ක්‍රීඩාකරමින් තරග තුනම ජයගැනීමට සමත්වී ඇති අතර මධ්‍යම පළාත් කණ්ඩායම තරග හතරක් ක්‍රීඩාකර එක් තරගයක් ජයගනිමින්, තරග දෙකක් විසදුමකින් තොරව අවසන් කරගෙන එක් තරගයක් පරාජයට පත්වී ඇත.

ඉකුත් සති අන්තයේදී අවසන්වූ ‘ඒ’ කාණ්ඩයේ තරග දෙකකදී උතුරු පළාත් කණ්ඩායමට එරෙහිව ලකුණු 91 ක ජයක් වාර්තා කිරීමට වයඹ පළාත් කණ්ඩායමත්, උතුරු මැද පළාත් කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කිරීමට මධ්‍යම පළාත් කණ්ඩායමත් සමත් විය.

‘බී’ කාණ්ඩයේ තරග දෙකකදී ඌව පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (දකුණ) කණ්ඩායමත්, දකුණු පළාත් කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට බස්නාහිර පළාත් (උතුර) කණ්ඩායමත් සමත් විය.

අවසන් සතියේදී ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට මිනෝද් භානුක (වයඹ පළාත), නිමේෂ ගුණසිංහ (මධ්‍යම පළාත), රවීන් සේයර් (මධ්‍යම පළාත) සමත්වූ අතර කඩුලු පහ බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සඳකැන් පතිරණ (බස්නාහිර පළාත් (දකුණ), සචිත් ලක්ෂාන් (උතුරු පළාත), අසිත ප්‍රනාන්දු (වයඹ පළාත), අරවින්ද අකුරේගොඩ (වයඹ පළාත), නිශාන් පීරීස් (බස්නාහිර පළාත් (උතුර) සමත් වුහ.


අදහස් (0)

බස්නාහිර (උතුර) - මධ්‍යම පළාත් පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.