Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට ඇරඹෙයි

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට ඇරඹෙයි

රොෂාන් ගුණරත්න - 2017 ඔක් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘ඒ’ කොටසේ පිළිමළුන් පිටුදැකීමේ ක්‍රිකට් තරගාවලිය හෙට (11 වැනිදා) ආරම්භ වෙයි. මේ මස 21 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වෙයි. තරගාවලිය ආරම්භ කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග හෙට  පැවැත්විමට නියමිතව ඇත.


ලීග් තරගාවලියේදී ශූරතාව දිනාගත් මාස් යුනිචෙලා සහ අනුශූරතාව දිනාගත් කොමර්ෂල් ක්‍රෙඩිට් ‘ඒ’ යන කණ්ඩායම් පිළිමළුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් පූර්ව වටය සදහා කෙළින්ම සුදුසුකම් ලබාගත් අතර අනෙක් කණ්ඩායම් අට පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග සදහා සහභාගී වනු ඇත.


අවසන් පූර්ව වටයේ තරග සදහා පමණක් අතිරේක දිනයක් ඇති අතර අනෙක් තරග වට සදහා අතිරේක දිනයක් වෙන් කර නොමැත.


හෙට පැවැත්වෙන පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරග කාළසටහන

පළමු තරගය - එල්.බී. ෆිනෑන්ස් සහ හේලීස් ගෲප් ‘ඒ’ කණ්ඩායම් අතර වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී

දෙවැනි තරගය - හැටන් නැෂනල් බැංකුව ‘ඒ’ සහ ඩිමෝ ලංකා ‘ඒ’ කණ්ඩායම් අතර කටුනායක වෙළඳ සේවා ක්‍රීඩාංගණයේදී

තෙවැනි තරගය - සම්පත් බැංකුව සහ ටීජේ ලංකා කණ්ඩායම් අතර කෝල්ට්ස් ක්‍රීඩංගණයේදී

සිවුවැනි තරගය - ජෝන් කීල්ස් ‘ඒ’ සහ කැන්රිච් ෆිනෑන්ස් ‘ඒ’ කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී

 


අදහස් (0)

පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.