Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ඔක් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ තරගයකදී කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලබාගැනීමට පිළියන්දල මැදි විදුහල් පිල ඊයේ (05 වැනිදා) සමත්විය. මෙම තරගය කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.


තරූෂ රන්සර (59), චමෝද් සඳරු (54) සහ ජමිත් ඩිල්ශාන් (53) අර්ධ ශතක ලබාගනිමින් පිළියන්දල මැදි විදුහල වෙනුවෙන් පිත්තෙන් දස්කම් දැක්වූහ.


ආනන්ද ශාස්ත්‍රාල විදුහලේ ඉසුරු අවින්ද තුන්ඉරියව් දස්කම් දක්වමින් අර්ධ ශතකයක් සහ ඉනිම දෙකෙහිදී ලකුණු 123 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූයේය.

 

පිළියන්දල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 73.5 කදී සියලුදෙනා දැවී ලකුණු 250
(තරූෂ රන්සර 59, කුෂාන් සෙනුර 48, ජමිත් ඩිල්ශාන් 45, ගිම්හාන ධනුෂ්ක 39, ඉසුරු අවින්ද 73/4, රවිඳු පෙරේරා 78/3, තිමිර මල්ශාන් 20/3)


ආනන්ද ශාස්ත්‍රාල විදුහල - පළමු ඉනිම - ඕවර 54.1 කදී සියලුදෙනා දැවී ලකුණු 182
(ඉසුරු අවින්ද 58, දුෂාන් සිල්වා 28, චමිදු සද්මින 28, රවිඳු පෙරේරා 21, ලක්ෂාන් කුලරත්න 38/2, තරූෂ රන්සර 11/3, මාධව නිමේෂ් 20/3)


පිළියන්දල මැදි විදුහල - පළමු ඉනිම - ඕවර 50.2 කදී සියලුදෙනා දැවී ලකුණු 187
(චමෝද් සඳරු 54, ජමිත් ඩිල්ශාන් 53, ඉසුරු අවින්ද 50/5, රවිඳු පෙරේරා 29/2)

 


අදහස් (0)

පිළියන්දල මැදි විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.