Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රවීනයන් විවේක ගන්වා නවකයෝ කැඳවති

ප‍්‍රවීනයන් විවේක ගන්වා නවකයෝ කැඳවති

දිලිනි මල්රුක්ෂි - 2013 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී හෙට (31 වැනිදා) පැවැත්වෙන පස්වැනි සහ අවසාන එක්දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රබලම කී‍්‍රඩකයෝ වන මහේල ජයවර්ධන, ලසිත් මාලිංග සහ රංගන හේරත් විවේක ගන්වා තිබේ.

මෙම තරගය සඳහා නම් කරන ලද 15 දෙනාගෙන් යුත් සංචිතයට කුසල් ජනිත් පෙරේරා කැඳවීම සඳහා උපුල් තරංග ඉවත් කරනු ලැබ ඇත. චතුරංග ද සිල්වා, විමුක්ති පෙරේරා සහ දිමුත් කරුනාරත්න ශ්‍රී ලංකා සංචිතයට එක්වූ සෙසු නවකයෝ වෙති.

5 වැනි එක්දින තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), දිනේෂ් චන්දිමාල් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ පෙරේරා, තිසර පෙරේරා, සුරංග ලක්මාල්, ශමින්ද එරංග, විමුක්ති පෙරේරා, සචිත‍්‍ර සේනානායක, අජන්ත මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, චතුරංග ද සිල්වා


අදහස් (4)

ප‍්‍රවීනයන් විවේක ගන්වා නවකයෝ කැඳවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.