Last Update  :  2025-12-29 11:06:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ප‍්‍රබල කණ්ඩායම් දෙකක් ගාල්ල පිටියට පිවිසෙති

ප‍්‍රබල කණ්ඩායම් දෙකක් ගාල්ල පිටියට පිවිසෙති

දිලිනි මල්රුක්ෂි - 2014 මාර් මස 19 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

මෙවර පාසල් කි‍්‍රකට් තරග වාරයේදී ප‍්‍රබල පාසල් බහුතරයක් පරදවා පූර්ණ ජයග‍්‍රහණ රැසක් වාර්තා කළ ගාල්ල මහින්ද විදුහල සහ රිච්මන්ඞ් විදුහල අතර 109 වැනි මහ කි‍්‍රකට් තරගය මේ මස 21 සහ 22 දෙදින තුළ ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙයි. දිවයිනේ ඉතාමත් පැරණි මහ කි‍්‍රකට් තරගයක් වන මෙම තරගය ප‍්‍රචලිතව ඇත්තේ ”ආදරවන්තයන්ගේ සටනට” ලෙසිනි.

හතරවන වසරේ කී‍්‍රඩකයකු වන මලිත් මහේල මහින්ද විදුහල් පිල මෙහෙයවන අතර හතරවන වසරේ කී‍්‍රඩකයකු වන ඒ. කේ. ටිරෝන් රිච්මන්ඞ්  පිල මෙහෙයවයි.

මෙම තරග වාරයේදී රිච්මන්ඞ් කණ්ඩායම විසින් ගල්කිස්ස ශා. තෝමස්, වෙස්ලි, වේල්ස් කුමාර, ධර්මපාල ඇතුළු පාසල් පරාජය කරමින් පූර්ණ ජයග‍්‍රහණ 10 ක් ලබාගෙන තිබේ. මහින්දය විසින් නාලන්ද, මලියදේව ඇතුළු පාසල් කණ්ඩායම් පරාජය කරමින් පූර්ණ ජයග‍්‍රහණ 7 ක් ලබාගෙන ඇත. වේල්ස් කුමර විදුහලට එරෙහිව පැවැති තරගය එක් කඩුල්ලකින් පරාජය වී තිබේ. රාජකීය, ගල්කිස්ස ශා. තෝමස්, ධර්මරාජ ඇතුළු පළමු ඉනිමේ ජයග‍්‍රහණ 05 ක් වාර්තා කිරීමටද මහින්දය සමත්ව තිබේ.

මහින්ද-රිච්මන්ඞ් මහා තරගවලදී මෙතෙක් පැවැති තරග අතරින් තරග 22 ක් මහින්ද විදුහල විසින්ද තරග 20 ක් රිච්මන්ඞ් පිල විසින්ද ජයගනු ලැබ ඇත. මහින්ද විදුහල 2008 දී අවසන් වරට ජයගෙන ඇති අතර 1969 න් පසු වසර 45 කදී මහින්දය පැරදවීමට රිච්මන්ඞ් පිල සමත්ව නැත.

මහින්ද විද්‍යාලයේ සිරිසේන හෙට්ටිගේ 1939 දී ලකුණු 155 ක් ලබා පිහිටවූ වාර්තාව 1972 දී රිච්මන්ඞ් පිලේ ප‍්‍රසාද් කාරියවසම් විසින් නොදැවී ලකුණු 156 ක් ලබා බිඳ දැමුවද එම තරගයේදීම මහින්දයේ පී. එච්. කේ. එච්. රණසිංහ ලකුණු 162 ක් ලබාගෙන වාර්තාව යළිත් මහින්ද විදුහලට ගෙන ගියේය. එය අද දක්වා පවතී.

1953 දී මහින්ද විදුහලේ සෝමසිරි අඹවත්ත රිච්මන්ඞ් පළමු ඉනිමේ කඩුලූ 10 ම හා දෙවැනි ඉනිමේ කඩුලූ 6 ක් බිඳ දැමීම පන්දු යැවීමේ වාර්තාව වේ. ඔහු එම තරගයේදී නොදැවී ලකුණු 103 ක්ද ලබාගෙන තිබේ. මහින්දයේ ඩබ්.බී. බෙනට් කඩුළු රකින්නා ලෙස කඩුලූ 10 ම දවා ගැනීමට හවුල් වීමත් අමේන්ද්‍ර සහෝදරයන් 10 ක් මහින්දය නියෝජනය කිරීමත් ලෝක වාර්තා ලෙස ගැනේ.

චම්පක රාමනායක, චමිල ගමගේ. සුරංග ලක්මාල් රිච්මන්ඞ් විදුහලෙන්ද සී. අයි. ගුණසේකර, ඞී. එල්. එස්. ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, මාවන් අතපත්තු, උපුල් චන්දන, ලසිත් මාලිංග මහින්දයෙන්ද ජාතික කණ්ඩායමට එක්වූ කී‍්‍රඩකයෝ වෙති.

තරගය සජීවීව රුහුණු සේවය ඔස්සේ හා Lovers'quarrel.org වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රචාරය කෙරේ.

රිච්මන්ඞ් විදුහල් කණ්ඩායම


ඒ.කේ. ටිරෝන් (නායක), සිතාර ගිම්හාන (උපනායක), හසිත මධුෂාන්, තිසර භානුක, පසිඳු බිම්සර, සචින් නානායක්කාර, වනිඳු හසරංග, උදාර කුමාරගේ, කැළුම් නානායක්කාර, චමෝද් පියුමාන්, වරුණ දේශපි‍්‍රය, හරිඳු හසින්ත, කමිඳු මෙන්ඩිස්. හෂාන් චාමිකර, චරිත් අසලංක
ධම්මික සුදර්ශන මහතා (පුහුණුකරු), ලක්මාල් ද සිල්වා මහතා (සහාය පුහුණුකරු), දමිත් ප‍්‍රසන්න මහතා (කී‍්‍රඩා භාර ආචාර්ය)

මහින්ද විදුහල් කණ්ඩායම


මලිත් මහේල (නායක), ඉෂාර අකලංක (උපනායක), නිලංක ලක්සිරි, තමිත් කල්හාර, දුලාෂ් උදයංග, කි‍්‍රෂාන් රංගජිත්, විසිත සම්මාන, චම්පික ගුණවර්ධන, විකුම් බිනුක, සජාන් මදුරංග, යොහාන් ලක්ෂිත, පසිඳු දිල්ෂාන්, පියුෂාන් කුලතුංග, ටිතිර සානුක, තාරුක සමරවික‍්‍රම, ලක්ෂාන් හිඹුටුගොඩ, සචික උදාර, ගිහාන් ධනුෂ්ක
හසිත රාජපක්ෂ මහතා (පුහුණුකරු), කේ.එම්.ඞී. ප‍්‍රසාද් මහතා (කී‍්‍රඩා භාර ආචාර්ය)


අදහස් (4)

ප‍්‍රබල කණ්ඩායම් දෙකක් ගාල්ල පිටියට පිවිසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.