Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨතම පුහුණුකරුවකු වන මහේෂ් වීරසිංහ මහතා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංවර්ධන සංචිතයේ සහ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්කර තිබේ. නව තනතුරත් සමඟ මහේෂ් වීරසිංහ මහතා ඉහළ දස්කම් සංවර්ධන මධ්‍යස්ථානයට අනුයුක්ත කර තිබේ.
අන්තර් සමාජ, පළාත් සහ පාසල් පුහුණුකරුවකු ලෙස වසර 30 කට අධික කාලයක අත්දැකීම් ඇති මහේෂ් වීරසිංහ මහතාගේ පුහුණුකරු ධූරය යටතේ ශූරතා 63 ක් සහ අනු ශූරතා 33 ක් දිනාගැනීම වඩාත් කැපී පෙනේ.
මහේෂ් මහතා නව තනතුරට පත්වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බස්නාහිර පළාත් පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියේය. වීරසිංහ මහතා පන්නිපිටිය ධර්මපාල විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.