Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් හොඳම 10 දෙනාට

පැතුම් හොඳම 10 දෙනාට

editorial - 2022 මාර් මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී හොඳම 10 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී ඇත. ඉන්දියාවට එරෙහිව පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී පන්දු 53 කදී ලකුණු 75 ක් ලබාගත් පැතුම් ප්‍රසාද ලකුණු 654 ක් සමගින් ස්ථාන 6 ක් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී 9 වැනි ස්ථානයේ ඔහු රැඳී ඇත.

පළමු තරගයේදී ලකුණු නොළඹාම දැවී ගිය පැතුම්ට තෙවැනි තරගයේදී ලබාගැනීමට හැකිවූයේ එක් ලකුණක් පමණි. එම නිසා ශ්‍රේණිගත කිරීම්හී තවත් ඉදිරියට යෑමට තිබූ අවස්ථාව පැතුම්ගෙන් ගිලිහී ගියේය.

ඉන්දියාවට එරෙහිව අවසන් විස්සයි20 තරග 2 දී පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක ස්ථාන 18 ක් ඉදිරියට පැමිණ ඇත. ඒ අනුව ප්‍රසාද ලකුණු 468 ක් සමගින් ඔහු 46 වැනි ස්ථානයේ රැඳී ඇත.

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් තරග 3 දීම අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රෙයාස් අයියර් අන්තර්ජාතික විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 27 ක් ඉදිරියට එමින් 18 වැනි ස්ථානයට පත්ව ඇත.

- 2079


අදහස් (0)

පැතුම් හොඳම 10 දෙනාට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.