Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් සීමිත ඕවර තරගාවලියට කණ්ඩායම් 48 ක්

පාසල් සීමිත ඕවර තරගාවලියට කණ්ඩායම් 48 ක්

සංජය එරමුදුගොඩ - 2014 මාර් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේදී තරග වැදීම සඳහා I වැනි කාණ්ඩය, II වැනි කාණ්ඩය සහ III වැනි කාණ්ඩය නියෝජනය කරමින් පාසල් කණ්ඩායම් 48 ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ අනුව I වැනි කාණ්ඩයෙන් පාසල් 32 ක්ද, II වැනි කාණ්ඩයෙන් පාසල් 12 ක්ද, III වැනි කාණ්ඩයෙන් පාසල් 4 ක්ද කාණ්ඩ 12 ක් යටතේ මෙවර තරගාවලියේදී සිංගර් කුසලාන සඳහා තරග වදිති.

ගාල්ල රිච්මන්ඞ් විදුහල I වැනි කාණ්ඩයේ පෙරමුණේ රැදීසිටින කණ්ඩායම වන අතර මහනුවර ති‍්‍රත්ව විදුහල සහ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් පිළිවෙලින් එහි දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවෙති.

මෙම තරග වාරයේදී II වැනි කාණ්ඩයට පැමිණි අනුරාධපුර මැදි විදුහල එහි පෙරමුණ හිමිකරගෙන ඇති අතර දෙවැනි ස්ථානය කොළඹ කේරි විදුහලටත්, තෙවැනි ස්ථානය අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහලටත් හිමිවී තිබේ.

මෝදර ද ලාසාල් විදුහල, දෙබරවැව ජාතික පාසල, රත්ගම දේවපතිරාජ විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල II වැනි කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් ලෙසින් මෙම තරගාවලියට එක්ව සිටිති.

පෙර අර්ධ අවසන් පූර්ව තරගාවලිය සඳහා කාණ්ඩ ශූරයන් 12 දෙනාත් ඒ ඒ කාණ්ඩයන්හි අනුශූරයන් 12 දෙනා අතුරින් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබාගන්නා කණ්ඩායම් 4 ත් තෝරා ගැනේ.


‘ ඕ’ කාණ්ඩය -:
ගාල්ල රිච්මන්ඞ් විදුහල, පන්නිපිටිය ධර්මපාල විදුහල, අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල

‘පී’ කාණ්ඩය -:
කැලණිය ගුරුකුළ විදුහල, කෝට්ටේ ජනාධිපති විදුහල, මොරටු විද්‍යාලය, කළුතර විද්‍යාලය

‘කිව්’ කාණ්ඩය -:
ගාල්ල මහින්ද විදුහල, කොළඹ නාලන්ද විදුහල, අනුරාධපුර මැදි විදුහල, මාතර ශාන්ත තෝමස් විදුහල

‘ආර්’ කාණ්ඩය -:
ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල, මාතර ශාන්ත සර්වේශස් විදුහල, මීගමුව මාරිස්ටෙලා විදුහල, කුරුණෑගල ශාන්ත අනා විදුහල

‘එස්’ කාණ්ඩය -:
ඞී. එස්. සේනානායක විදුහල, මහනුවර ධර්මරාජ විදුහල, මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල, කෑගලූ විද්‍යාලය

‘ටී’ කාණ්ඩය -:
කොළඹ ආනන්ද විදුහල, කොළඹ ඉසිපතන විදුහල, අම්බලන්ගොඩ පී. ද එස්. කුලරත්න විදුහල, දෙබරවැව ජාතික පාසල

‘යූ’ කාණ්ඩය :
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල, වත්තල ශාන්ත අන්තෝනි විදුහල, මෝදර ද ලාසල් විදුහල

‘වී’ කාණ්ඩය -:
කොළඹ සහිරා විදුහල, පානදුර රාජකීය විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල

‘ඩබ්ලිව්’ කාණ්ඩය -:
ලූම්බිණි විදුහල, කොළඹ මහානාම විදුහල, කොළඹ කේරි විදුහල, පානදුර ශ්‍රී සුමංගල විදුහල

‘එක්ස්’ කාණ්ඩය -:
වේල්ස්කුමර විදුහල, කුරුණෑගල මලියදේව විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල, කළුතර තිස්ස මැදි විදුහල

‘වයි’ කාණ්ඩය :
කොළඹ ශාන්ත ජෝශප් විදුහල, කඳාන ද මැසනද් විදුහල, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල

‘ඉසෙඞ්’ කාණ්ඩය -:
මහනුවර ති‍්‍රත්ව විදුහල, වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල, මාතර රාහුල විදුහල, රත්ගම දේවපතිරාජ විදුහල

 

- 036

 


අදහස් (0)

පාසල් සීමිත ඕවර තරගාවලියට කණ්ඩායම් 48 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.