Last Update  :  2025-08-15 10:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාසල් ක්‍රිකට් පද්ධතියම පිරිහිලා

පාසල් ක්‍රිකට් පද්ධතියම පිරිහිලා

යොහාන් භාසුර - 2020 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම වැටී ඇති තත්ත්වය පිළිබඳව දැඩි කණගාටුවට පත්ව සිටින බව ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුණ රණතුංග මහතා අද (06) පැවසීය.

රණතුංග මහතාගේ නුගේගොඩ පිහිටි නිවසේ අද පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“අපේ වයස 19 න් පහළ කණ්ඩායම 10 වැනි තැනට වැටිලා. ඇෆ්ගනිස්තානය ඉන්නවා අපිට වඩා උඩින්. බංග්ලාදේශය අද අවසන් පූර්ව තරගයට සහභාගි වෙනවා. ඔවුන් අවසන් මහ තරගයට සහභාගි වෙන්න සූදානමින් ඉන්නවා. අපේ කණ්ඩායම වැටී ඇති තත්ත්වය පිළිබඳව කණගාටු වෙනවා”

“වයස 19 න් පහළ ලෝක කුසලාන තරග මම ටී.වී. එකෙන් බැලුවා. මම දන්නේ නෑ ක්‍රීඩකයන්ගේ නම්වලින් කියන්න. හැබැයි මම එක දෙයක් දන්නවා ක්‍රිකට් පරිපාලනය පාසල් ක්‍රිකට් පද්ධතියට මුදල් වියදම් කරන එක නැවැත්තුවා. මොකද එතන ඡන්ද දෙකයිනෙ තියෙන්නේ”

“පාසල් ක්‍රිකට් පද්ධතිය අද ඉතාමත් දරුණු විදියට පහළට බැහැලා තියෙනවා. අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමාත් සමඟ ප්‍රවීණ ක්‍රීඩකයන් කීපදෙනෙක් සාකච්ඡා කරලා පාසල් ක්‍රිකට් සැලසුමක් හැදුවා. මම ඒකට සෘජුව සම්බන්ධ වුණේ නෑ. නමුත් වක්‍රව සම්බන්ධ වුණා”

“බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායමේ ඉන්නවා ක්‍රීඩකයන් තුන්දෙනෙක් විතර හෙට අනිද්දා ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කරන්න. ඉන්දියාවෙත් ඉන්නවා. අපේ නැත්තේ ඇයි ? අපේ පාසල් 500 ක් ක්‍රීඩා කරනවා”

“ඒවගේ ක්‍රීඩා කරන දරුවන්ට සපත්තු දෙකක් ගන්න සල්ලි නෑ. හැබැයි මේ අය අස්වෙලා යන නෝනලට දෙනවා ලැප්ටොප් එකත් අරන් යන්න”

“ඔබ කියපු ළමයා සභාපතිවරුන්ගේ ලේකම්වරුන්ගේ ක්‍රීඩා සමාජවලට සම්බන්ධ වෙන්නෙ නැතුව ඇති. එහෙම වුණොත් ඒ ළමයින්ට ක්‍රීඩා කරන්න බෑ. ඒක තමයි මේ රටේ තියෙන ක්‍රිකට් ක්‍රමවේදය”

“අද ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන්ගෙන් 90% ක්ම ක්‍රිකට් පරිපාලනයේ ඉන්න අයගේ ක්‍රීඩා සමාජවල අය. ඒවා හරි දේවල් නොවයි”

“මම අදත් කියනවා ක්‍රිකට් හදන්න නම් අතුරු පාලක කමිටුවක් අඩුම ගානේ අවුරුදු දෙකකට විතරවත් දාන්න ඕනේ. නැත්තත් කවදාවත් හදන්න බෑ. එහෙම නොවුණොත් ඊළඟ අවුරුදු පහ වෙනවිට ඇනෙනවා”

ශ්‍රී ලංකා ක්‍රිකට් රූපවාහිනී විකාශන අයිතිය විකිණීම පිළිබඳව අර්ජුණ රණතුංග මහතා මෙසේ අදහස් දැක්වීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වෙන්නේ රූපවාහිනී ආයතනවලට නොවෙයි, පෞද්ගලික කොන්ත්‍රාත්කරුවන් තුන් හතර දෙනෙක්ට මේක විකුණලා ඒ හරහා රූපවාහිනී ආයතනයක් ලබාගන්නයි. මම හිතනවා අලුත් ක්‍රීඩා ඇමතිතුමා මේකට මැදිහත් වෙයි කියලා”

“රූපවාහිනි අයිතියෙන් පසුගිය කාළේ එක එක්කෙනාගේ සාක්කුවලට ගියා”

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර කීපයේදී සිදුවූයේ යැයි කියන දූෂණ සිද්ධීන් පිළිබඳව තව දුරටත් හෙළි කිරීමට තමන් කටයුතු කරන බව ද රණතුංග මහතා වැඩි දුරටත් පැවසීය.

ඡායාරූපය  : ක්‍රිෂාන් ශෂික රණසිංහ


අදහස් (0)

පාසල් ක්‍රිකට් පද්ධතියම පිරිහිලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.