වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ජයවර්ධනපුරදී පැවැති තරගයේදී පානදුර ශ‍්‍රී සුමංගල විදුහල් ක‍්‍රීඩකයෝ ඉනිමකින් සහ ලකුණු 47 කින් ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල පරාජය කිරීමට සමත් වූහ. පිට දග පන්දු යවන නිපුන දේශාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 94 කට කඩුලූ 14 ක් දවා ගනිමින් ශ‍්‍රී සුමංගල විදුහල් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.
ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 174
(බුද්ධික චමින්ද 41, අනුෂ්ක පරණමාන්න 47, නිපුන දේශාන් 68/7)
ශ‍්‍රී සුමංගල විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 301
(නදිරු රුක්‍ෂාන් 69, හරිත් ලක්‍ෂාන් 34, පුලිත යසස් 58, සමිත් යසන්ත 24, සුසායි ස්ටීවන් 22, තරණ ද සිල්වා නොදැවී 43, රසිත සමන්දික 60/3)
ශ‍්‍රී ජයවර්ධනපුර මහ විදුහල දෙවැනි ඉනිම සියලූ දෙනා දැවී 80
(රසිත් සමන්දික 30, නිපුන දේශාන් 26/7, තරණ ද සිල්වා 38/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.