පාකිස්තානය සහ ලෝක ක්‍රිකට් පිල අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත නිදහස් කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තරග තීරකවරයා ලෙස බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු නායක ශ්‍රීමත් රිචී රිචඞ්සන් මහතා පත්කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ. 2009 වසරෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් පාකිස්තානයේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියක් සදහා යැවීමට තරග නිලධාරීයකු පත්කළ පළමු වතාව මෙයයි.
වසර 2016 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම මණ්ඩලයේ තරග තීරකවරුන්ගේ සංගමයේ සාමාජිකයකු ලෙස පත්වූ රිචඞ්සන් මහතා මේ වනවිට ටෙස්ට් තරග 11 කට, එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 18 කට තීරකවරයකු වශයෙන් කටයුතු කර ඇත. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ එම තීරණය පාකිස්තානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද (29 වැනිදා) ප්‍රකාශයට පත්කර ඇත.
“ලෝක කණ්ඩායම සහ පාකිස්තානය අතර ගඩාෆී ක්‍රීඩාංගණයේදී සැප්තැම්බර් 12, 13, සහ 15 දිනයන්හිදී පැවැත්විමට නියමිත තරගාවලියේ තරග තීරකවරයා වශයෙන් ශ්‍රීමත් රිචී රිචඞ්සන් මහතා පත්කර ඇතැයි එම නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබිණ.
2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන්ගත් බස් රථයකට ත්‍රස්තවාදීන් වෙඩි තැබීම නිසා අන්තර්ාජාතික කණ්ඩායම් පාකිස්තානයේ ක්‍රීඩා කිරීම අතහැර දැමූහ. පසුව සිම්බාබ්වේ කණ්ඩායම පමණක් 2015 වසරේදී පාකිස්තානයේ සංචාරයක නිරතවිය. එම තරගයේදී තරග නිළධාරීන් ලෙස කටයුතු කිරීමට විදෙස් නිළධාරීන් නොපැමිණි අතර දේශීය විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් ඊට සහභාගි වූහ.
ලාහොර්හිදී ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව 2015 වසරේදී සිම්බාබ්වේ සංචාරයට පෙර රටවල් කිහිපයක්ම පාකිස්තානයේ ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය තම රට තුළ පැවැත්වෙන තරග සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිකිරීමට උත්සාහ ගනිමින් සිටී. ජාත්‍යන්තර ක්‍රීඩකයින් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මේ වසර මුලදී පාකිස්තාන් සුපර් ලිග් තරගාවලියේ අවසන් තරගය ලාහෝර්හිදී පැවැත්වීමට හැකිවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.