Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තාන පුහුණුකරු මිස්බාටත් කොරෝනා

පාකිස්තාන පුහුණුකරු මිස්බාටත් කොරෝනා

editorial - 2021 අගෝ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන ප්‍රධාන පුහුණුකරු මිස්බා උල් හක් මහතාට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව විදෙස් පුවත් වාර්තා කරනු ලැබේ. කිංග්ස්ටන්හිදී සිදුකරන ලද පී.සී.ආර් පරීක්‍ෂණයකින් පසුව ධනාත්මක බව තහවුරුවී ඇති අතර ඔහුට ගෙදර යාමට පෙර දින 10 ක නිරෝධායනය කාළයක් සම්පූර්ණ කිරීමට සිදුවනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව විස්සයි20 තරග 4 ක් සහ ටෙස්ට් තරග 2 ක් සම්පූර්ණ කළ සෙසු පාකිස්තාන කණ්ඩායම් සාමාජිකයෝ ඊයේ (25 වැනිදා) ලාහෝර් බලා පිටත්ව ගියහ.

”පිටත්ව යාමට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණ දෙකක් අසමත් වූ පාකිස්තාන කණ්ඩායමේ එකම සාමාජිකයා මිස්බා විතරයි. ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නෑ” යැයි පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

”නිරතුරුවම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය සමඟ සම්බන්ධ වෙමින් සිටින අතර, මිස්බාගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ගැන සොයා බැලීමට වෛද්‍ය විශේෂඥයෙකු සමඟ දින 10 ක නිරෝධායනය සඳහා වෙනත් හෝටලයකට මාරු කළ බව තහවුරු කරලා තියෙනවා” යැයි එම නිවේදනයේ වැඩිදුරටත් සටහන්ව ඇත.

තරගාවලියට වැස්සෙන් බාධා ඇති වූ නමුත් පාකිස්තානය සඳහා වූ බොහෝ දුරට සාර්ථක සංචාරයකි. තරඟ හතරකින් සමන්විත විස්සයි20 තරගාවලියේ තරග 3 ක් වැසි සහිත කාලගුණය හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් විය. නමුත් නිමාවට පත් වූ එකම තරගය එනම් දෙවන තරගය ලකුණු 7 කින් ජයග්‍රහණය කිරීමට ඔවුහු සමත් වූහ.

ඉන් අනතුරුව ටෙස්ට් තරගාවලිය ආරම්භ වූ අතර එහිදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක් කඩුල්ලකින් පළමු තරගයේ ජයග්‍රහණය වාර්තා කළ අතර, ෂහීන් අෆ්රිඩි සහ ෆවාඩ් අලාම් එක්ව දෙවන ටෙස්ට් තරගයේදී පාකිස්තානු පිලට ලකුණු 109 ක ජයග්‍රහණයක් ලබා දුන්නෝය. ඒ අනුව තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.

බංග්ලාදේශ සංචාරයෙන් පසුව නවසීලන්ත කණ්ඩායම වසර 18 කට පසුව පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත. තරගාවලිය සැප්තැම්බර් 17 වැනිදා ආරම්භ වන අතර එහිදී එක්දින තරග තුනක් (රාවල්පිණ්ඩි හිදී) සහ විස්සයි 20 තරග පහක් (ලාහෝර්හිදී) පැවැත්වීමට නියමිතව ඇත.

ලෝක කුසලානයට පෙර ඔක්තෝම්බර් මාසයේදී එංගලන්තය විස්සයි20 තරග 2 ක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව ඇත. 

- 2079


අදහස් (0)

පාකිස්තාන පුහුණුකරු මිස්බාටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.