Last Update  :  2025-08-01 20:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පාකිස්තානු ඒ කණ්ඩායමට ජාතික පිලෙන් 7 ක්

පාකිස්තානු ඒ කණ්ඩායමට ජාතික පිලෙන් 7 ක්

editorial - 2021 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදීමට බලාපොරොත්තු වන පාකිස්තානු ‘ඒ’ පිලට පාකිස්තානු හිස්වැස්ම හිමි ක්‍රීඩකයෝ 7 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඔවුන් අතර ටෙස්ට් ක්‍රීඩකයෝ දෙදෙනෙක් සිටිති. 

පාකිස්තාන ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස වමතින් පන්දුවට පහරදෙන මුල් පෙළ පිතිකරුවකු වූ සවුඩ් ශකීල් පත්කර තිබේ. නිල නොවන ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය සඳහා සංචිත දෙකක් නම්කර තිබෙන නමුත් කණ්ඩායම් දෙකේම නායකයා ලෙසින් ශකීල් තෝරාගනු ලැබ ඇත. 

ගෙවීගිය එංගලන්ත ගිම්හානයේදී සවුඩ් ශකීල් එංගලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කළ අතර ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතයට නම් කර ඇති සෙසු ක්‍රීඩකයින් අතර අබ්දුල්ලා ෂෆීක් (විස්සයි 20), අර්ශාද් ඉක්බාල් (විස්සයි 20), හයිදර් අලි (එක්දින සහ විස්සයි 20), නසීම් ෂා (ටෙස්ට්), උස්මාන් සලාහුදීන් (ටෙස්ට් හා එක්දින) සහීිඩ් මහමුද් (විස්සයි 20) ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩා කළ සෙසු ක්‍රීඩකයෝ වෙති. 

ලබන වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල පැවැත්වීමට නියමිත වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙස අවධානය යොමු කරමින් කයිබර් පක්තුන්ක්වාග්හී නව යොවුන් කඩුලු රකින්නා වන සල්මන් ඛාන් සහ මධ්‍යම පන්ජාබයේ මුල් පෙළ පිතිකරු කාසිම් අක්‍රම් සංචිතට ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන ඇත.

දේශීය තරගාවලියන්හිදී දක්ෂතා දැක්වූ ආබ්‍රාර් අහමඩ්, අහමඩ් සෆි අබ්දුල්ලා, ඉර්ෆනුල්ලා ෂා යන ක්‍රීඩකයන් සඳහා මෙම තරගාවලියේදී අවස්ථාව හිමිවී ඇත. ආබාධයක් හේතුවෙන් පසුගිය තරග වාරය අහිමිවූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක අකිෆ් ජාවෙඩ් මෙවර තරගාවලියේදී නැවත ක්‍රිකට් පිටියට පිවිසෙමින් සිටින බව වාර්තා වේ.

නිල නොවන (සිව්දින) ටෙස්ට් තරග 2 කින් සහ නිල නොවන එක්දින තරග 3 කින් සමන්විත තරගාවලිය ඔක්තෝබර් 28 සිට නොවැම්බර් 14 දක්වා මහනුවර සහ කොළඹදී පැවැත්වීමට නියමිතව ඇත.

නිල නොවන ටෙස්ට් තරගාවලිය සඳහා වන සංචිතය

සවුඩ් ෂකීල් (නායක), හයිඩර් අලි (උප නායක), අබ්දුල්ලා ෂෆීක්, ආබ්‍රාර් අහමඩ්, අහමඩ් සෆී අබ්දුල්ලා, අර්ෂාඩ් ඉක්බාල්, ඉර්ෆනුල්ලා ෂා, කැම්රාන් ගුලාම්, කුරාම් ෂහ්සාඩ්, මොහොමඩ් හාරිස්, නසීම් ෂා, ඔමයිර් බින් යූසුෆ්, කාසිම් අක්‍රම්, සල්මන් අලි ආඝා, සල්මන් ඛාන්, උස්මාන් සලාහුදීන්, සහීඩ් මහමුද්.

නිල නොවන එක්දින තරගාවලිය සඳහා වන සංචිතය

සවුඩ් ෂකීල් (නායක), හයිඩර් අලි (උප නායක), අබ්බාස් අෆ්රිඩි, අබාර් අහමඩ්, අකිෆ් ජාවෙඩ්, අර්ෂාඩ් ඉක්බාල්, ඉර්ෆනුල්ලා ෂා, කැම්රාන් ගුලාම්, කුරාම් ෂහ්සාඩ්, මොහොමඩ් හාරිස්, නසීම් ෂා, කාසිම් අක්‍රම්, සල්මන් අලි ආඝා, සල්මන් ඛාන්, සහීඩ් මහමුද්.

පුහුණු කාර්ය මණ්ඩලය

ඉජාස් අහමඩ් (ප්‍රධාන පුහුණුකරු සහ කණ්ඩායම් කළමනාකරු), රාවෝ ඉෆ්තිකාර් (සහය පුහුණුකරු), මොහතාෂිම් රෂීඩ් (පන්දු රැකීමේ පුහුණුකරු), මොහොමඩ් ජාවෙඩ් (අභ්‍යාසක), ෆයිසාල් රායි (දත්ත විශ්ලේෂක) සහ හෆීස් නයීම් (භෞත චිකිත්සක).

තරග කාලසටහන

ඔක්තෝබර් 28 සිට 31 - පළමු නිල නොවන ටෙස්ට් තරගය (සිවුදින), මහනුවර
නොවැම්බර් 4 සිට 7 - දෙවන නිල නොවන ටෙස්ට් තරගය (සිවුදින), මහනුවර
නොවැම්බර් 10 - පළමු නිල නොවන එක්දින තරගය, කොළඹ
නොවැම්බර් 12 - දෙවන නිල නොවන එක්දින තරගය, කොළඹ
නොවැම්බර් 14 - තෙවන නිල නොවන එක්දින තරගය, කොළඹ

- 2079

 


අදහස් (0)

පාකිස්තානු ඒ කණ්ඩායමට ජාතික පිලෙන් 7 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.