Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානයට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිවුවැනි ද්විත්ව ශතකය ලබාගත් නායක කේන් විලියම්සන් (238), නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිමේදී ලකුණු 362 ක වාසියක් අත්කර දිමට පුරෝගාමී විය.
මේ වන විට ඉනිමක පරාජයකින් ගැලවීමේ අභියෝගයට මුහුණ දී සිටින පාකිස්තාන කණ්ඩායම තරගයේ තෙවැනි දිනය (5 වැනිදා) නිමාවන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 8 ක් ලබා සිටියේය. ඒ අනුව පාකිස්තාන ක්‍රීඩකයෝ තවත් කඩුලු 9 ක් ඇතැතිව නවසීලන්තයට වඩා ලකුණු 354 ක් පසුපසින් සිටිති. පාකිස්තාන දෙවැනි ඉනිමේදී බිඳවැටුණ එකම කඩුල්ල ලෙස ශාන් මසූඩ් ලකුණු නොලබා පිටියෙන් ඉවත්ව ගියේ කයිල් ජැමීසන්ගේ පන්දුවක් හමුවේ ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමිනි.
දෙවැනි දිනය වූ පෙරේදා (4 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 3 ක් දැවී ලකුණු 286 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායම ඊයේ සිය පළමු ඉනිමට තවත් ලකුණු 373 ක් එක්කර ගත්තේය. කඩුලු 6 ක් දැවි ලකුණු 659 ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවූ නවසීලන්ත කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට නම් දෙවැනි ඉනිමේදී ලකුණු 362 ක් ලබාගන්නා ලෙස පාකිස්තානයට අභියෝග කළේය.
හෙන්රි නිකොල්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 369 ක සම්බන්ධතාවක් ගොඩනැගූ විලියම්සන්, ඉන් නොනැවතී ඩර්ලි මිචෙල් (නොදැවී 102) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 133 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. විලියම්සන් සහ නිකොල්ස් අතර පැවැති සම්බන්ධතාව නවසීලන්ත පිතිකරුවන් දෙදෙනකු ටෙස්ට් තරගයකදී ගොඩනැගූ තෙවැනි ඉහළම සම්බන්ධතාවද විය.
පන්දු 364 කට මුහුණදෙමින් ලබාගත් සිය ද්විත්ව ශතකය හතරේ පහර 28 කින් සැරසීමට විලියම්සන් සමත් විය. පන්දු 291 කදී වාර්තා වූ නිකොල්ස්ගේ 7 වැනි ටෙස්ට් ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 18 ක්ද, පන්දු 112 කදී වාර්තා වූ මිචෙල්ගේ මංගල ටෙස්ට් ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක්ද අන්තර්ගත විය.
පාකිස්තානය පළමු ඉනිම - සියලු දෙනා දැවී 297
(අබීඩ් අලී 25, අසාර් අලී 93, මොහොමඩ් රිස්වාන් 61, ෆාහීම් අෂ්රෆ් 48, සෆාර් ගෝහර් 34, කයිල් ජෙමීසන් 69/5, ටිම් සවුති 61/2, ට්‍රෙන්ට් බෝල්ට් 82/2)
නවසීලන්තය පළමු ඉනිම - කඩුලු 6 ක් දැවී 659
(ටොම් ලේතම් 33, කේන් විලියම්සන් 238, හෙන්රි නිකෝල්ස් 157, ඩර්ලි මිචෙල් නොදැවී 112, කයිල් ජෙමීසන් නොදැවී 30, මොහොමඩ් අබ්බාස් 98/2, ශහීන් අෆ්රිඩි 101/2, ෆාහීම් අෂ්රෆ් 106/2)
පාකිස්තාන දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 08
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.