Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
------------------------
රොෂාන් ගුණරත්න
------------------------
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන සීමිත ඕවර (ඕවර 50) ක්‍රිකට් තරගාවලියේදී පළමුවෙන්ම අර්ධ අවසන් පූර්ව වටයේ සිය ස්ථාන වෙන්කර ගැනීමට එන්.සී.සී, ද්‍රවිඩ සංගමය, රාගම සහ නාවික හමුදා යන කණ්ඩායම් සමත්වූහ.
‘බී’ සහ ‘සී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 6 ක් පමණක් ක්‍රීඩාකරන බැවින් එම කාණ්ඩයන්හි මූලික වටයේ තරග ඊයේ (1 වැනිදා) අවසන් විය. ඒ අනුව ප්‍රසාද ලකුණු 23 ක් ලබාගත් රාගම ක්‍රීඩා සමාජය සහ ප්‍රසාද ලකුණු 14 ක් ලබාගත් නාවික හමුදාව ‘බී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
ප්‍රසාද ලකුණු 23 ක් ලබාගත් එන්.සී.සී පිල සහ ප්‍රසාද ලකුණු 15 ක් ලබාගත් ද්‍රවිඩ සංගම් පිල ‘සී’ කාණ්ඩයෙන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ. තරග 5 කට සහභාගිවූ රාගම සහ එන්.සී.සී කණ්ඩායම් සියලුම තරග ජයගනිමින් අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්ව සිටිති.
‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩ සඳහා කණ්ඩායම් 7 බැගින් ක්‍රීඩා කරන බැවින් එම කාණ්ඩයන්හි මූලික වටයේ තරග මේ මස 5 වැනිදා අවසන් වීමට නියමිතව ඇත.
ප්‍රසාද ලකුණු 15 බැගින් ලබාසිටින සී.සී.සී සහ බදුරලිය කණ්ඩායම් මේ වනවිට ‘ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටිති. එස්.එස්.සී පිල ප්‍රසාද ලකුණු 19 ක් සහ කෝල්ට්ස් පිල ප්‍රසාද ලකුණු 15 ක් ලබාගනිමින් මේ වනවිට ‘ඩී’ කාණ්ඩයේ ඉදිරියෙන් පසුවෙති.
සීමිත ඕවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග 7 වැනිදාත්, අවසන් පූර්ව තරග 9 වැනිදාත් අවසන් මහා තරගය 11 වැනිදාත් පැවැත්වීමට නියමිතව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.