Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පස්වැනි ටෙස්ට් තරගය අවිනිශ්චිතයි

පස්වැනි ටෙස්ට් තරගය අවිනිශ්චිතයි

editorial - 2021 සැප් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දියාව සහ එංගලන්තය අතර මැන්චෙස්ටර් නුවරදී හෙට (10 වැනිදා) ආරම්භවීමට නියමිත ටෙස්ට් තරගය පැවැත්වේද නැද්ද යන්න අවිනිශ්චිත තත්ත්වයකට පත්වී තිබේ. ඉන්දීය කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයකුට කොවිඞ්-19 වයිරසය අසාදනය වීම හේතුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය කණ්ඩායමේ පුහුණුවීම් අවලංගු කරන ලදි. 

බදාදා (ඊයේ) කරන ලද පරීක්‍ෂණ අනුව ඉන්දීය කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයේ තවත් සාමාජිකයකුට කොවිඞ්-19 වයිරසය අසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඊයේ ගත් සාම්පල අනුව ක්‍රීඩකයන් ආසාදිත නොවන බව තහවුරු වූවත්, සියලුම ඉන්දීය ක්‍රීඩකයෝ අද (බ්‍රහස්පතින්දා) පෙරවරුවේදී තවත් කොවිඞ්-19 පරීක්‍ෂණයකට මුහුණ දුන්හ. ඒවායේ ප්‍රතිඵල ලැබෙන තුරු සිය කාමර තුළටම වී සිටින ලෙස ඔවුන්ට උපදෙස් දී තිබේ. 

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ පුහුණු සැසිය පැවැත්වී තිබේ. 

ඉන්දීය පිලේ භෞත චිකිත්සකවරයා වන යෝගේෂ් පාමර් මහතාට කොවිඞ්-19 වයිරසය අසාදනය වී ඇතැයි මේ වන විට තහවුරු වී තිබේ. 

ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රී මහතාත්, පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන් සහ පන්දු රැකීමේ පුහුණුකරු ආර්. ශ්‍රීධර් යන මහත්වරුද කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් ලන්ඩන් නුවරම රැඳී සිටිති. ඔවුන් කණ්ඩායම සමගින් මැන්චෙස්ටර් බලා ගමන් නොකළහ. 

දැනට වාර්තා වන්නේ මැන්චෙස්ටර් ටෙස්ට් තරගය අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කැමැත්තක් නැති බවයි. මෙම තරගාවලියෙන් පසුව ඉන්දීය ක්‍රීඩකයන් අයි.පී.එල්. තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා ගමන් කිරීමට නියමිත බැවින් ටෙස්ට්  තරගාවලියට බලපෑමක් ඇතිකරගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උත්සුක නොවේ. 

ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති සිව්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වන විට ඉන්දීය ක්‍රීඩකයන්ගේ කාමරයේ සිටි එකම පුහුණුකරුවා වූයේ පිතිහරඹ පුහුණුකරු වික්‍රම් රතෝර් මහතා පමණි. 

සිව්වැනි ටෙස්ට් තරගය ජයගත් ඉන්දියාව මේ වන විට 2-1 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටී.

- 213


අදහස් (0)

පස්වැනි ටෙස්ට් තරගය අවිනිශ්චිතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.