Last Update  :  2025-05-14 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පස්වැනි ටෙස්ට් තරගය අවලංගු කරයි

පස්වැනි ටෙස්ට් තරගය අවලංගු කරයි

editorial - 2021 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තය සහ ඉන්දියාව අතර මැන්චෙස්ටර් නුවරදී අද (10 වැනිදා) ආරම්භවීමට නියමිතව තිබූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගය අවලංගු කරනු ලැබිණ. ඉන්දීය කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුටම කොවිඩ්-19 වයිරසය අසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇතැයි එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අද පෙරවරුවේදී නිවේදනය කළේය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව එංගලන්ත ක්‍රිකට් මණඩලය මෙම තීරණය ගෙන තිබේ.

“කොරෝනා වයිරසය තවදුරටත් පැතිරීමේ අවදානම සම්බන්ධයෙන් අවධානය යොමුකර සිටින ඉන්දීය කණ්ඩායම මෙම තරගය සඳහා සිය ක්‍රීඩකයන් ඉදිරිපත් කිරීමට සූදානමක් නැත” යයිද එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සටහන් වේ.

සිව්වැනි ටෙස්ට් තරගය ජයගත් ඉන්දියානුවෝ තරග 5 කින් සමන්විත තරගාවලියේදී 2-1 ක ජයක් අත්කර ගත්හ.


 - 213

 


අදහස් (0)

පස්වැනි ටෙස්ට් තරගය අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.