Last Update  :  2025-12-24 17:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පවර්ටෙක් සිමෙන්ති පිල අවසන් තරගයට

පවර්ටෙක් සිමෙන්ති පිල අවසන් තරගයට

Nisanka Sandeepani - 2017 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ‘බී’ කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබාගැනීමට පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම ඊයේ (07 වැනිදා) සමත්විය.

ජෝන් කීල්ස් ‘බී’කණ්ඩායමට එරෙහිව පැවැති අවසන් පූර්ව තරගයේදී කඩුලු  7 ක ජයක් හිමිකර ගැනීමට පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම සමත්විය. මෙම තරගය කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ළහිරු ප්‍රනාන්දු ලකුණු 29 කට කඩුලු 5 ක් සහ දසුන් සෙනෙවිරත්න ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගනිමින් ජෝන් කීල්ස් ‘බී’ කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සිමාකිරීමට සමත්වූහ. මලිඳු මදුරංග (50) අර්ධ ශතකයක් ලබාගනිමින් පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

වර්ෂාව හේතුවෙන් තරගය ඕවර 47 කට සීමාවිය.

ජෝන් කීල්ස් ‘බී’ - ඕවර 44.5 කදී සියලුදෙනා දැවී ලකුණු 149
(රවිඳු කොඩිතුවක්කු 24, කවීන් බණ්ඩාර 39, ළහිරු ප්‍රනාන්දු 29/5, දසුන් සෙනෙවිරත්න 15/3)


පවර්ටෙක් සිමෙන්ති - ඕවර 21.3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 151
(මලිඳු මදුරංග 50, දිනෙත් තිමෝද්‍ය 39, මනෙල්ක ද සිල්වා නොදැවී 28, දසුන් සෙනෙවිරත්න නොදැවී 20, සසිඳු පෙරේරා 47/2)


අදහස් (0)

පවර්ටෙක් සිමෙන්ති පිල අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.