Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නෝ ඇෆ්ඝනිස්තානයට ජය ගෙනෙති

පන්දු යවන්නෝ ඇෆ්ඝනිස්තානයට ජය ගෙනෙති

editorial - 2021 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ නැමීබියාවට එරෙහිව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අබුඩාබිහිදී අද (31 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට ඇෆ්ඝනිස්තානය සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹාගිය නැමීබියාවට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 98 ක් පමණි.

පන්දු 30 කදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 26 ක් ලබාගත් ඬේවිඞ් වීස් නැමීබියා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 15 සීමාව පසුකළ එකම පිතිකරුවා බවට පත්විය.

හමීඞ් හසන් සිය ඕවර 4 ලකුණු 9 කට සීමාකරමින් කඩුලු 3 ක් ද, නවීන් උල් හක් ලකුණු 26 කට කඩුලු 3 ක් ද ගුල්බදින් නයිබ් ලකුණු 19 කට කඩුලු 2 ක් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ. 

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 160 ක් රැස්කිරීමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ හස්රතුල්ලා සසායි පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් සහ මොහොමඞ් ශසාඞ් පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

අද අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩාකළ අස්ගර් ඇෆ්ගන් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 31 ක් ලබාගත් අතර නායක මොහොමඞ් නබී වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 17 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් ලබාගනිමින් ඇෆ්ඝනිස්තාන ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

ජෑන් නිකොල් සහ රූබන් ට්‍රම්පෙල්මන් කඩුලු 2 බැගින් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන පිතිකරුවන්ට තර්ජනයක් එල්ල කිරීමට සමත්වූහ.

ඇෆ්ඝනිස්තානය - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 160
(හස්රතුල්ලා සසායි 33, මොහොමඞ් ශසාඞ් 45, අස්ගර් ඇෆ්ගන් 31, මොහොමඞ් නබී නොදැවී 32, ජෑන් නිකොල් 21/2, රූබන් ට්‍රම්පෙල්මන් 34/2)

නැමීබියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 98
(ඬේවිඞ් වීස් 26, හමීඞ් හසන් 9/3, නවීන් උල් හක් 26/3, ගුල්බදින් නයිබ් 19/2)

- 2079


අදහස් (0)

පන්දු යවන්නෝ ඇෆ්ඝනිස්තානයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.