Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පන්දු යවන්නියෝ ශ්‍රී ලංකාව දිනවති
කාන්තා වි20 ලෝක කුසලාන

පන්දු යවන්නියෝ ශ්‍රී ලංකාව දිනවති

editorial - 2024 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අබුඩාබිහිදී පැවැති කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයකදී තායිලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලාකා ක්‍රීඩිකාවෝ අද (25 වැනිදා) සමත් වූහ. 

ජයග්‍රහණය සඳහා ලකුණු 123 ක ඉලක්කයක් හඹාගිය තායිලන්තය ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 16.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 55 ක් පමණි. 

සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත් ඉනෝෂි ප්‍රියදර්ෂනී තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූවාය. උදේෂිකා ප්‍රබෝධනී නිලකුණු ඕවරයක් සමග ඕවර 3 ක් යවා ලකුණු 10 කට කඩුලු 2 ක් දවාගනිමින් ඉනෝෂිට අනගි සහායක් දුන්නාය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 122 ක් ලබාගත් අතර එහිදී හෂිනි පෙරේරා හතරේ පහර 5 ක් සමග පන්දු 32 කින් ලකුණු 29 ක්ද, නිලක්ෂි සිල්වා හතරේ පහර 3 ක් සමග පන්දු 20 කින් නොදැවී ලකුණු 29 ක්ද රැස්කළහ. 


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 122 
(චමරි අතපත්තු 16, හෂිනි පෙරේරා 29, නිලක්ෂි සිල්වා නොදැවී 29) 

තායිලන්ත කාන්තා පිල - ඕවර 16.2 කදී සියලු දෙනා දැවී 55 
(නන්නපට් කොන්චරොඑන්කායි 18, ඉනෝෂි ප්‍රියදර්ෂනී 14/3, උදේෂිකා ප්‍රබෝධනී 10/2) 

-036 


අදහස් (0)

පන්දු යවන්නියෝ ශ්‍රී ලංකාව දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.