Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද සිට ඇරැඹෙයි

නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද සිට ඇරැඹෙයි

දිලිනි මල්රුක්ෂි - 2013 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ක‍්‍රිකට් සමාජ (සී.සී.සී.) ක‍්‍රිකට් පුහුණු පාසල 10 වැනි වසරට සංවිධානය කරන ‘නෙල්සන් මෙන්ඩිස්’ අභියෝග කුසලාන ජාත්‍යන්තර වයස 14 න් පහළ ආරාධිත ක‍්‍රිකට් පුහුණු පාසල් ක‍්‍රිකට් තරගාවලිය අද (13) ආරම්භ වන අතර එම තරගාවලිය මේ මස 23 වැනිදා අවසන් වීමට නියමිතය.

ඉන්දියාවේ බැංගලෝර්හි ක‍්‍රිකට් පුහුණු පාසල් පහක් සහ මාලදිවයින් කණ්ඩායමක් ඇතුළු විදේශීය කණ්ඩායම් හයක් මෙවර තරගාවලියට සහභාගි වෙති. දේශීය කණ්ඩායම් 30 ක් සමගින් කණ්ඩායම් 36 ක් මෙවර තරගාවලියට සහභාගි වීමට නියමිතය.

කොළඹ සහ පිට පළාත් ක‍්‍රීඩාංගණ 12 කදී තරග පැවැත්වෙන අතර රදැල්ල, අම්බලන්ගොඩ, හික්කඩුව සහ රත්ගම ප‍්‍රදේශවල ද තරග පැවැත්වේ. අවසන් මහ තරග මේ මස 23 වැනිදා සී. සී. සී. ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියට නාවලපිටිය, පොළොන්නරුව, රඹුක්කන, හඟුරන්කෙත සහ දිවුලපිටිය යන පිට පළාත් කණ්ඩායම් රැසක් ද සහභාගි වෙති.

තරගාවලියේ වීරයාට, දක්‍ෂතම පිතිකරුට, දක්‍ෂතම පන්දුයවන්නාට, දක්‍ෂතම පන්දු රකින්නාට සහ දක්‍ෂතම කඩුලූ රකින්නාට විශේෂ කුසලාන පිරිනැමෙන අතර ‘සුපිරි’ වටයේ තරග 12 ක, අවසන් පූර්ව තරගවල සහ අවසන් මහ තරගයේ වීරයන්ට කුසලාන පිරිනැමීමට කටයුතු යොදා තිබේ. පාසල් ක‍්‍රීඩකයන්ගේ විනය දියුණු කිරිමේ පියවරක් ලෙස ‘වඩාත් විනයානුකූල’ කණ්ඩායමට ද කුසලාන පිරිනැමීමට නියමිතය.
මෙවර දක්‍ෂතම විදේශිය කණ්ඩායමට සහ දක්‍ෂතම පිට පළාත් කණ්ඩායමට විශේෂ සම්මාන පිරිනැමීමට නියමිතය.   


අදහස් (0)

නෙල්සන් මෙන්ඩිස් අභියෝග කුසලාන කි‍්‍රකට් තරගාවලිය අද සිට ඇරැඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.