Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නොච්චියාගම ජී.ඒ.පී කුමාර)
නොච්චියාගම විද්‍යාදර්ශ(ජාතික) පාසල හා තඹුත්තේගම ජාතික පාසල අතර වාර්ෂික ක්‍රිකට් තරගය වන ‘නුවර කලාවිය මහා ක්‍රිකට් තරගය‘ මේ මස 16 සහ 17 යන දෙදින නොච්චියාගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදී පැවැත්වේ. වසර 2000 දී ආරම්භ කළ මෙම ක්‍රිකට් තරගය වසර 25 ක ඉතිහාසයක් ඇති එකක් වූවත් මෙවර පැවැත් වෙන්නේ අට වෙනි වරටය.
උතුරු මැද පළාතේ පැවැත්වෙන විද්‍යාලන්තර මහා ක්‍රිකට් තරග අතර ඉදිරියෙන්ම තිබෙන නුවර කලාවිය ක්‍රිකට් තරගයේ මෙවර සත්කාරකත්වය දරන්නේ නොච්චියාගම විද්‍යදර්ශ (ජාතික ) පාසලයි.
මහවැළි ‘එච්‘ කළාපයට අයත් ප්‍රධානතම පාසල් දෙකක් වන මෙම විදුහල් දෙකින් තඹුත්තේගම අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රධානතම පාසල වන්නේ තඹුත්තේගම ජාතික පාසලයි. නොච්චියාගම විද්‍යදර්ශ (ජාතික) පාසල අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් නොච්චියාගම අධ්‍යාපන කොට්ඨාශයේ ප්‍රධානතම පාසල වෙයි.
මෙම පාසල් දෙක අතර මේ වන විට මහා ක්‍රිකට් තරග 7 ක්පවත්වා තිබේ. තඹුත්තේගම ජාතික පාසල 2012 සහ 2018 වසර වලදී පැවති තරග ජයගෙන ඇත. විද්‍යාදර්ශ (ජාතික) පාසල 2004 සහ 2017 වසරවලදී පැවැති තරග ජයගෙන ඇත. 2000, 2001 සහ 2005 වසරවලදී පැවැති ජය පැරදුමෙන් තොරව අවසන් වී තිබේ.
තඹුත්තේගම ජාතික පාසලට සුවහස් චාමික මෙවර නායකත්වය ලබා දෙන අතර ෂරීන් සුදේශීත උපනායකයා ලෙස කටයුතු කරයි. නොච්චියාගම විද්‍යාදර්ශ (ජාතික) පාසලට මෙවර නායකත්වය ලබා දෙන්නේ යසිත් රන්දුනු හේවගේයි. හසිදු කවිෂ්ක උපනායකයා ලෙස කටයුතු කරයි.
“කණ්ඩායමක් ලෙස අපගේ කණ්ඩායම හොද ස්ථාවරයක සිටිනවා. අපගේ පිතිකරු ලැයිස්තුව වගේම වේග පන්දු බල ඇණියත් ඉතාම ශක්තිමත්. තරගයක් වෙනස් කල හැකි දග පන්දු යවනන් කිහිපදෙනකුත් අප සතුව සිටිනවා.“
“තුන් ඉරියව් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටින බැවින් අපේ කණ්ඩායමේ හොද සමබර තාවයක් පවතිනවා.මෙම ක්‍රිකට් තරග සමයේ ඉතා ඉහළ දක්ෂතා දක්වපු ක්‍රීඩකයින් රැසක් අපසතු වීමත් ජයග්‍රහණ රුසක් ලබා ගැනීමට හැකිවීමත් තුළ අපි හෙඳ මානසික මට්ටමක සිටිනවා. අවසන් වරට පැවැති තරගයේ ජයග්‍රහණය අප විද්‍යාලය සතුකර ගනිමින් නුවර කළාවිය කුසළානය හිමි කරගෙන තිබෙන්නේ අප පාසලයි. හොද තරගයක් ලබා දී තව දුරටත් එම කුසළානය අපසතුව තබා ගැනීමට අප කණ්ඩායම උපරිම උත්සාහයක් ගන්නවා.“
“විදුහල්පතිතුමා ඇතුළු ආචර්ය මණ්ඩළය, පුහුණුකරුවන්, ආදිශිෂ්‍යයින් අපහට ලබාදෙන ශක්තිය ඉතාම අගය කරනවා.“ යයි තම කණ්ඩායම පිළිබදව අදහස් දැක්වු තඹුත්තේගම කණ්ඩායමේ නායක සුවහස් චාමික කීවේය.
විද්‍යාදර්ශ (ජාතික) පාසලේ කණ්ඩායම් නායක යසිත් රන්දුණු මෙසේ අදහස් දැක්වීය.
“මෙවර අප කණ්ඩයමේ ලකුණු අතර සිටින වමත් සහ දකුණත් ඉදිරි පෙළ ප්‍රබල පිතිකරුවන් කිහිප දෙනකුම සිටිනවා. ශතක ලාභින් හා අර්ධ ශතක ලාභින් ඒ අතර සිටිනවා. ඒ වගේම මැදපෙල ශක්තිමත් කරණ තුන් ඉරියව් ක්‍රීඩකයින්ද කණ්ඩායමට විශාල ශක්තියක්“
“වේග පන්දු යන්නන් වගේම දග පන්දු යන්නන් මෙවර ක්‍රිකට් තරග වාරයේදී හොදින් කඩුළු ලබාගෙන තිබෙනවා. අපේ කණ්ඩායමේ ක්‍රීඩකයන් සියළුම දෙනා ඉතා ඉහළ මානසිකත්වයක සිටනවා. ඉතා හොද පුහුණුවක් වගේම පුහුණු තරග තුලින් ලද අත් දැකීම් ප්‍රයෝජනයට ගනිමින් හොඳ තරගයක් ලබාදෙමින් නුවර කළාවිය කුසලානය අපසතු කර ගැනීමට අපි උපරිම උත්සාහයක නිරතවනවා.
කලක් නැවතී තිබුණු මෙම මහා ක්‍රිකට් තරගය යලි පැවැත්වීමට කටයුතු කළ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩළයටත් පුහුණු කරුවන් කණ්ඩායම් භාර ගුරුමහත්ම මහත්මීන්ටත්, ධර්මසේන ලොකු ලියනගේ ගුරුමන්ටත් ආදි ශිෂ්‍ය සංගමයටත් ගෞරවනීය ස්තුතිය පුද කරණවා.“
නුවර කලාවිය ක්‍රිකට් තරගයේ මෙවර සත්කාරකත්වය විද්‍යාදර්ශ (ජාතික) පාසල විසින් දරණ අතර විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මෙහි අනුග්‍රාහකත්වය සහ සංවිධාන කටයුතු කරයි.
විද්‍යදර්ශ ජාතික පාසල් කණ්ඩායම
(ඉහළ පෙළ වම් කෙලවරේ සිට)
අදිත චමුපති, බිනුර ජයසේකර, තනුජ ප්‍රදීප්, නවිඳු දිසානායක, රුසිත් නවංජන, ක්‍රිෂාන් අරෝෂ, සෙනෙත් නෙත්මිණ, විහඟ කවිෂාන්, සචිරු මාරසිංහ, චතුශ්ක අයේශාන්, දේශාන් කාරියවසම්, ළහිරු මධුෂාන්, සවිඳු හසරුල්, ඔමෙත් ඉඳුවර, අචින්ත ඕෂධ, සසිඳු ප්‍රභාත්
(පහළ වම් කෙළවරේ සිට)
රවිඳු හේවගේ, හසිඳු කවිශ්ක (උප නායක), ටියුඩර් කුමාර මහතා (පුහුණුකරු), ඒ.එස් වෑත්තෑව මහතා (පුහුණුකරු), මහේෂ් සඳරුවන් ප්‍රේමරත්න මහතා (කළමණාකරු), ඉන්දිකා රත්නසිරි මහත්මිය (විදුහල්පතිනි), චමිලා රණතුංග මහත්මිය (කණ්ඩායම් භාර ආචාරිණි), මිහිදුම් වෙනුෂ්ක බංඩාර මහතා (පුහුණුකරු), පී.ජී.විමල් ධර්මසුරිය මහතා (පුහුණුකරු), යසිත් රන්දුණු (නායක) සහ සදුන් විහඟ
තඹුත්තේගම ජාතික පාසල් කණ්ඩායම
(පසුපෙළ වමේ සිට)
දුලෙන් මන්හිත, ඉවාන් කොසිඳු, පැතුම් නිර්මල, රවිදු මුතුරංග, කවීන් කේෂර, රුක්ෂාන් ගනේගොඩ, මිරෝෂ් සමරසිංහ, පුන්සර නිපුන්, චන්දිල ලක්ෂාන්, තරුෂ දේශාන්, මිහිරංග රත්නායක, සුජිත් සංජුල
(ඉදිරිපෙළ වමේ සිට)
ත්‍රිෂාල් රන්දිල්, සුවහස් චාමික (නායක), තුසිත එදිරිසිංහ මහතා (කණ්ඩායම් භාරකරු), අසංක විජේසුරිය මහතා (නියෝජ්‍ය විදුහල්පති), ඒ.ජී.ජයතුංග මහතා (විදුහල්පති), අනුරුද්ධ චන්ද්‍රෙස්කර මහතා (කණ්ඩායම් භාරකරු), ෂරීන් සුදේශීත (උපනායක) සහ චමෝද් නිම්සර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.