මිනුවන්ගොඩ නාලන්දා ජාතික පාසල සහ රාගම කරුණාරත්න බෞද්ධ විදුහල අතර දිවුලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 230 ක දැවැන්ත ජයක් ලබා ගැනීමට නාලන්දා ජාතික පාසල සමත් විය.
නාලන්දා ජාතික පාසලේ ගිම්හාන් ජයකොඩි ලකුණු 130 ක් රැස්කරමින් සහ ලකුණු 29 කට කඩුලු 8 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක් වූ අතර දක්ෂ පිතිහරඹයක නිරත වූ චමින්ද දිල්හාරද (149) ශතකයක් ලබාගැනීමට සමත් විය.
නාලන්දා ජාතික පාසල පළමු ඉනිම - ඕවර 78.4 කදී කඩුලු 6 ක් දැවී 398
(ගිම්හාන් ජයකොඩි 130, චමින්ද දිල්හාර 149, නිතුන් කනිෂ්ක 55, නඳුන් කල්හාර නොදැවී 25, විරාජ් විහඟ 53/3)
කරුණාරත්න බෞද්ධ විදුහල පළමු ඉනිම - ඕවර 30.4 කදී සියලු දෙනා දැවී 76
(ගිම්හාන් ජයකොඩි 29/8)
කරුණාරත්න බෞද්ධ විදුහල දෙවැනි ඉනිම - ඕවර 37.4 කදී සියලු දෙනා දැවී 92
(කවිඳු මඳුරංග 32/4, චාරුක ජනිත් 13/2, චානක සන්දීර 16/2, නඳුන් කල්හාර 6/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.