Last Update  :  2025-12-28 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවසීලන්ත පිල ලකුණු 221 කට සීමාවෙයි

නවසීලන්ත පිල ලකුණු 221 කට සීමාවෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ටි‍්‍රනිඩෑඞ්හි කුවීන්ස් පාර්ක්  ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයවූ ඊයේ (16 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්ව කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටියේය.

බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 1 ක් ලබා සිටි කි‍්‍රස් ගේල් දවාගැනීමට ටෙ‍්‍රන්ට් බෝල්ට් සමත්විය. ඒ අනුව ඊයේ දිනය නිමාවන විට අනෙක් ආරම්භක පිතිකරුවා වන කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් සහ මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි සුලෙයිමන් බෙන් කඩුල්ලේ රැදීසිටියහ.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී 221 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 82 ක් රැුස්කළේය. රොස් ටේලර් ලකුණු 45 ක් ලබා නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටියේය.

ජෙරම් ටේලර් කඩුලූ 4 ක් සහ සුලෙයිමන් බෙන් 3 ක් බැගින් දවාගනිමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.  

නවසීලන්තය පිල පළමු ඉනිම ඕවර 74.4 කදී සියලූ දෙනා දැවී 221
(ටොම් ලේතම් 82, කේන් විලියම්සන් 42, රොස් ටේලර් නොදැවී 45, ජමී නීෂම් 15, ජෙරම් ටේලර් 34/4, සුලෙයිමන් බෙන් 73/3, ශනෝන් ගේබි‍්‍රයල් 43/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම ඕවර 7 කදී කඩුල්ලක් දැවී 6

036


අදහස් (0)

නවසීලන්ත පිල ලකුණු 221 කට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.