Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 46 වැනි තරගය නිමා වන විටත් තරගාවලියට අලුතින්ම එක්වූ කණ්ඩායම් දෙක වන ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිති. තරගාවලි ඉතිහාසයේ වැඩිම ශූරතා සංඛ්‍යාවක් දිනා ඇති චෙන්නායි සුපර් කිංග්ස් (4) සහ මුම්බායි ඉන්දියන්ස් (5) කණ්ඩායම් 2022 තරගාවලියේදී ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම වැටී සිටී.
අයි.පී.එල්. තරගාවලියේ 15 වැනි අදියරට එක්වූ ගුජරාට් ටයිටන්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් දෙක හේතුවෙන් තරඟාවලියේ ලීග් තරඟ සංඛ්‍යාව 70 දක්වා ඉහළ නැංගේය. එතැනින් පසුව, පිළිමළුන් පිටුදැකීමේ තරග 4 ක් පැවැත්වේ.
මෙවර තරගාවලියට කණ්ඩායම් 10 ක් එක්වීම හේතුවෙන් මූලික වටයේ තරග සංඛ්‍යාව 90 සිට 70 දක්වා අඩුකරගැනීම සඳහා තරගාවලියේ ආකෘතිය තරමක වෙනස්කමකට ලක්විය. කණ්ඩායම් 10, කාණ්ඩ දෙකකට බෙදා ඇති අතර එක් කාණ්ඩයක කණ්ඩායම් 5 ඔවුන්ගේ කාණ්ඩයේ කණ්ඩායම් වලට එරෙහිව දෙවරක් තරග වදිනු ඇත. පසුව සෑම කණ්ඩායමක්ම අනෙක් කාණ්ඩයේ කණ්ඩායම් සමගින් තරග වදිනු ඇත.
කාණ්ඩ දෙකකට බෙදුවද, කණ්ඩායම් 10 ම, ප්‍රසාද ලකුණු සටහනේදී, තවදුරටත් එකිනෙකා සමගින් තරග කරනු ඇත. මූලික වටයේ තරඟ අවසන් වූ පසු, පළමු කණ්ඩායම් හතර පිළිමළුන් පිටුදැකීමේ තරග සඳහා සුදුසුකම් ලබයි. එහි ආකෘතිය නොවෙනස්ව පවතී.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.