Last Update  :  2025-09-14 23:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධර්මාලෝක ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ධර්මාලෝක ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙකටන පද්මාවතී මධ්‍ය මහ විදුහලට එරෙහිව දෙමටගොඩ දුම්රිය ක්‍රීඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ III කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම සමත් විය.

එහිදී ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායමේ කවිඳු ජයරංග සහ පසිඳු හිරුෂාන් කඩුලු 5 බැගින් දවාගනිමින් පද්මාවතී මධ්‍ය මහ විදුහල් පළමු ඉනිම ලකුණු 52 කට සීමා කළහ.


පද්මාවතී මධ්‍ය මහ විදුහල පළමු ඉනිම - ඕවර 25.1 කදී සියලු දෙනා දැවී 52
(එස්. දම්පති 14, හසරංග දුලාජ් 17, කවිඳු ජයරංග 25/5, පසිඳු හිරුෂාන් 17/5)

ධර්මාලෝක විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 35.1 කදී සියලු දෙනා දැවී 135
(තරුෂ නිම්සර 56, ඉෂාර කාවින්ද 28, එස්. දම්පති 45/4, මෙලාන් මධුෂංක 5/2)

පද්මාවතී මධ්‍ය මහ විදුහල දෙවැනි ඉනිම - ඕවර 39 කදී කඩුලු 5 ක් දැවී 105  
(පසිඳු හිරුෂාන් 34/2)


- 036


අදහස් (0)

ධර්මාලෝක ‘බී’ පිලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.