Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ධම්මික ප්‍රසාද් එවරස්ට් ප්‍රිමියර් ලීගයට

ධම්මික ප්‍රසාද් එවරස්ට් ප්‍රිමියර් ලීගයට

editorial - 2021 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

මේ මස 25 වැනිදා සිට ඔත්තෝබර් 9 වැනිදා දක්වා නේපාලයේදී පැවැත්වෙන එවරස්ට් ප්‍රිමියර් ලීග් (ඊ.පී.එල්) විස්සයි20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ට හිමිව තිබේ.

කණ්ඩායම් 6 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන එම තරගාවලියේදී භයිරහාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරමින් ධම්මික තරග බිමට පිවිසීමට නියමිතය. මේ වන විට ජාත්‍යන්තර තරග බිමෙන් සමුගෙන සිටින ඔහු, විශ්‍රාමික ක්‍රීඩකයන් සහභාගි වූ ලෙජන්ඩ්ස් විස්සයි20 තරගාවලියටද සහභාගි විය.

ධම්මික ක්‍රීඩා‍ කරන භයිරහාවා ග්ලැඩියේටර්ස් කණ්ඩායමට දක්ෂ ආරම්භක පිතිකරුවන් දෙදෙනකු වන ශ්‍රී ලංකාවේ උපුල් තරංග සහ බංග්ලාදේශයේ ටමීම් ඉක්බාල්ද ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 25 කට, එක්දින තරග 24 කට සහ විස්සයි20 ‍තරගයකට ක්‍රීඩා කර ඇති ධම්මික, ටෙස්ට් කඩුලු 75 ක් සහ එක්දින කඩුලු 32 ක් දවාගෙන ඇත. දෙස් විදෙස් විස්සයි20 තරග 21 කදී කඩුලු 19 ක් දවාගැනීමට ඔහු සමත්ව ඇත්තේ 24.57 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.  

එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා තෝරා ගැනුණ සිව්වැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා ධම්මිකය. ඔහුට පෙර දිනේෂ් චන්දිමාල්, සීක්කුගේ ප්‍රසන්න සහ උපුල් තරංගද එම තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිකර ගත්හ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයට ඇතුළත්ව සිටින චන්දිමාල්, ජාතික සංචිතය පුහුණුවීම් වලට එක්ව සිටීම හේතුවෙන් තමා එවරස්ට් ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි නොවන බව පවසා ඇත.

 


අදහස් (0)

ධම්මික ප්‍රසාද් එවරස්ට් ප්‍රිමියර් ලීගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.